වන අලි දෙදෙනෙක් විදුලි සරින් මරුට

254

කැබිතිගොල්ලෑව හේරත්හල්මිල්ලෑව මහවැව අසල වන ලැහැබකදී කිසියම් පුද්ගලයකු විසින් විදුලිසර වද්දා වන අලි දෙදෙනෙකු එකම ස්ථානයක ඝාතනය කොට තිබියදී කැබිතිගොල්ලෑව පොලිසිය විසින් සොයා ගෙන ඇත’

 ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවල දී එම වන අලි සිරුරු සොයා ගෙන තිබේ’ එම අලි මළ සිරුරු සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම සතුන් දෙදෙනා මීට දින තුනකට පමණ පෙර කිසියම් පුද්ගලයකු විසින් ඇද තිබු විදුලි රැහැනක වැදීමකින් මියගොස් ඇති බව නිගමනය කොට ඇත’ අවුරුදු දොළහත් පහළොවත් සහ අවුරුදු තිහත් තිස් පහත් අතර වයසේ පසුවන පිරිමි අලින් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත’ එම අලි දෙදෙනා ඝාතනය කළ බව කියන සැකකරුවකු සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වෙත තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කැබිතිගොල්ලෑව මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතාගේ

 මෙහෙයවීමෙන් පොලිස් නිලධාරින් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කොට තිබේ’

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment