වන වැස්ම වැඩිකරන්න රබර් වගා කරයි

246


ශ්‍රී ලංකාවේ වන වැස්ම සියයට 30 දක්වා වර්ධනය කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත හෙක්ටෙයාර් 500ක රබර් වගා කිරීමේ වැඩ පිළිවෙළ මෙම වසරේ ආරම්භ කරන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
එම වගාව සිදු කරන්නේ අරමුණු දෙකක් පෙරදැරිව බවත් පළමු අරමුණ රටේ වනවැස්ම වැඩි කිරීම බවත් දෙවන අරමුණ මහජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම බවත් ලේකම් වරයා සඳහන් කළේය.
මේ වනවිට රටේ ස්වාභාවික වනවැස්ම සියයට 29.2ක් පමණවේ. එය 2025 දී සියයට 30 දක්වා පුළුල් කිරීම ඉළක්කය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment