”වන සංරක්‍ෂණය මුවාවෙන් උ/නැ ඉඩම් අයිතිය රජය අරන්”… ටී. එන්. ඒ. මන්තී‍්‍රවරු ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ උද්ඝෝෂණ

151

උද්ඝෝෂණයේ අරමුණ ජිනීවාවලට රජය ගැන වැරදි මතයක් දීම – ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (24 දා) උදෑසන උද්ඝෝෂණයක නිරත වූ අයුරු.

වන සංරක්‍ෂණය මුවාවෙන් උතුරු නැෙ`ගනහිර ජනතාවගේ ඉඩම් රජය මගින් අත්පත් කරගන්නා බවත් එබැවින් එය වහාම අත්හිටුවන ලෙසත් සඳහන් කරමින් සහ ඒ සඳහා රජයට බලකරමින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පිරිසක් ඊයේ (24 දා) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී සංදේශය භාරදීමට පැමිණි බවත් නමුත් තමුනට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් නොලැබුණු බවත් ඔවූහු සඳහන් කළහ. එබැවින් මෙලෙස උද්ඝෝෂණයක නිරත වන බවද ඔවූහු පැවසූහ.

මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ටී. එන්. ඒ. මන්තී‍්‍රවරුන් ජනාධිපතිවරයා හමුවී සංදේශයක් භාරදීමට පැමිණි බව සඳහන් කළත් ඒ සම්බන්ධව ඔවුන් ජනාධිපති කාර්යාලයට පෙර දැනුම්දීමක් කර නැති බවය.

එනිසා ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ යොදාගත් වැඩසටහනකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත්ව ගොස් සිටි බවය.

දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරුන්ට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුන් එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වූ බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ජනාධිපතිවරයා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම්දීමකින් ද තොරව පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබාදීමට සැලසුම් සහගතව කෙරෙන කුමන්ත‍්‍රණයක් බවට පැහැදිලි බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment