දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලයේ පූජාවක් සඳහා පැමිණි බව කියන අඹු සැමි යුවලකට පහර දුන් බවට සැකපිට දේවාලයේ ප්රධාන කපු මහතා අද පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය කියයි .
දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලයේ පූජාවක් සඳහා පැමිණි අමු සැමි යුවලක් හා දේවාලයේ ප්රධාන කපු මහතා වන රාම ක්රිෂ්ණ තේනබදු මහතා අතර ඇති වූ බව කියන බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසුව මෙම ගැටුම ඇතිවි තිබේ
එහිදී කපු මහතා විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් තුවා ලබා තලල්ල ග්රාමීය රෝහලට ඇතුළත් කොටඇත.
ඒ අනුව ගන්දර පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලයේ ප්රධාන කපු මහතා වන රාමක්රිෂ්ණා තේනබදු ගන්දර පොලීසිය මගින් අද පස්වරුවේදී අත්අඩංගුට ගෙන තිබේ