වඳුරඹ ඕඅයිසීට වෙඩි තැබීමට ගිය කොස්තාපල් කරාපිටිය රෝහලට

581

වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීමට උත්සාහ කළ කොස්තාපල්වරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි උඩුගම පොලිසියට මාරු කළ බවත් ඔහු පරීක්ෂා කරන ලද මානසික වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

වඳුරඹ පොලිස් ස්ථානයේ පෙරසවි ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා භූමිය සුද්ධ කිරීමේදී එහි ඇති ගස් කපා ඉවත් කිරීමට උසස් පොලිස් නිලධාරීන්ගේ සහ ප‍්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ඉල්ලා ඇති අතර එම අනුමැතිය ලැබීමට පෙර ප‍්‍රාදේශීය ලේකම් රාජ්‍ය දැව සංස්ථාවට කරන ලද දැනුම්දීමක් අනුව ඉකුත් 11වනදින දැව සංස්ථාවේ නිලධාරීන් පැමිණ සිද්ධියට අදාළ කොස්තාපල්වරයා හමුවී ගස් කිහිපයක් කපා ඇත. ඒ වනවිට ස්ථානාධිපතිවරයා ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සඳහා ගොස් තිබිණි.

මේ අතර දැව සංස්ථාව නියමිත ගස්වලට අමතරව තවත් ගස් කිහිපයක්ද කපා දැමීම නිසා ස්ථානාධිපතිවරයා පැමිණි ඒ පිළිබඳ කොස්තාපල්වරයාගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ තමා කිසිවක් නොදන්නා බවය. පසුව කෝපයට පත් කොස්තාපල්වරයා ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීම සඳහා ආයුධ පෙට්ටිය අසලට පැමිණ තුවක්කුවක් ඉල්ලා සිටි අවස්ථාවේ අනෙක් නිලධාරින් විසින් එය වළක්වා ඇත. ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

අහංගම – සුගපාල දියගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment