වඳුරු උණට වැට බැඳ නැහැ – රටට ඇතුළුවීම වැළැක්වීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග නෑ

158

– විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

‘මන්කි ෆොක්ස්’ (Monkey Fox) වෛරසය මේ මොහොතේ මෙරටට ඇතුළු වී ඇති බවට නිල වශයෙන් වාර්තා වී නැතත් ඒ පිළිබඳව දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට ඊයේ (25දා) පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා මෙම වෛරසය මෙරටටද ඇතුළු වුවහොත් ඒ පිළිබඳව ක්‍රියාත්මක විය යුතු ආකාරය වෛද්‍යවරුන්ට චක්‍රලේඛයක් මගින් දන්වා ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මේ වනවිට ඉන්දියාවෙන් ‘මන්කි ෆොක්ස්’ රෝගියකු වාර්තාවී ඇතත් එම වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීමට කිසිදු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් නොමැති බව පැවසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වහාම කළ යුත්තේ විදේශගතව සිට පැමිණෙන්නන් උණ හෝ පැපොල රෝග ලක්‍ෂණ ඇත්නම් වෛද්‍යවරුන් දැනුවත් කිරීම බවද අවධාරණය කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment