වඳුරු උණ: ගෝලීය හදිසි තත්ත්වයක්

267

‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් ‘වඳුරු පැපොල’ වෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

 ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගත්තේ පෙරේදා (23දා) වනවිට රටවල් 75 කින් ‘වඳුරු උණ’ ආසාදිතයන් 65,000 කට වඩා වාර්තා වීමත් සමඟය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි බවය.

 ලොව නන්දෙසින් ‘වඳුරු උණ’ වෛරස ආසාදිතයන් වාර්තා වුවත්, තවමත් මරණ කිසිවක් වාර්තා වී නැත. අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට ‘වඳුරු උණ’ ආසාදිතයන් දෙදෙනකු වාර්තා වෙයි. ඔවුන් දෙදෙනාම කේරළ ප්‍රාන්ත වැසියන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ.

 ‘වඳුරු උණ’ ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගිකයන් අතරේ බවත්, වෛරස ව්‍යාප්තියෙන් සියයට 95 ක් සිදුවන්නේ ලිංගික ඇසුරින් බවත් ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් අනාවරණය කර තිබේ. ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය දරුණු බවත්, ඇමෙරිකන් රජය ‘වඳුරු උණ’ සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රාන්ත මට්ටමින් ලබා දීම ආරම්භ කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. ‘වඳුරු උණ’ මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බහුලව දකින්න ලැබෙන වෛරසයකි. මෙය පැපොල (චිකන් පොක්ස්) වලට සමානය. ‘වඳුරු උණ’ වලින් ආරක්ෂා වීමට ලබා දෙන්නේ පැපොල වෛරසයෙන් ආරක්ෂා වීමට ලබා දෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතකි.


ඉන්දියාවේ  වඳුරු උණ  රෝගීන් හතරක්

 ඉන්දියාවෙන් වඳුරු උණ රෝගීන් සිව්දෙනෙක් හමුවී ඇත. ඊයේ දිනයේ දිල්ලි නගරයෙන් 31 හැවිරිදි රෝගියෙක් වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment