වඳුරු උණ වළක්වා ගන්න කුමුදේශ් එන්නත පෙන්වයි

149

මන්කිෆොක්ස් රෝගය ඉදිරියේ දී රට තුළ වසංගත තත්ත්වයක් වීම වළක්වා ගැනීමට ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ දැඩි අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ හෝ ආසියාතික කලාපය මෙම රෝගය සඳහා විශාල ලෙස නිරාවරණය වී නොමැති බැවින්, කලාපයේ ජාන සංයුතිය, වෛරසයට කෙසේ ප්‍රතිචාර දක්වන්නේ ද යන්න අපට තව කිව නොහැකි යැයි ඒ මහතා සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකාවේ පරිසර සාධක සහ වෛරසයේ හානිකර බව කෙසේ හැසිරෙනු ඇත්ද යන්න ද අපට ආගන්තුක යැයි ඔහු කියයි.

ඒ අනුව මුලින්ම හඳුනා ගන්නා රෝගීන් ආශ්‍රිතයන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට හැකි වන්නේනම්, ඉතා අඩු එන්නත් ප්‍රමාණයකින් වසංගත තත්ත්වය පාලනය කළ හැකි බවද ඔහු කියයි.

ඔහු මෙසේ ද කියයි.

එන්නත් කිරීම සඳහා සලකා බැලිය යුත්තේ අවදානමට ලක්ව ඇති පුද්ගලයන් ය. එනම් වඳුරු උවදුරෙන් පෙළෙන කෙනකු සමග සමීපව ඇසුරු කළ අය පමණි.

මන්කිපොක්ස් රෝගය සඳහා විශේෂිත අනුමත එන්නත් ඇති අතර, ජනගහනය අවුරුදු 45 ට වැඩි අයට වසූරිය සඳහා එන්නත ලබා දී ඇති බැවින් ඔවුන්ට අවම වශයෙන් අර්ධ ආරක්ෂාවක් පවතින බව සැලකිය හැකිය.

වත්මන් දත්තවලට අනුව, මෙය වාතය මගින් පැතිර යන ශ්වසන මාර්ග වෛරසයක් ලෙස අධික ලෙස බෝ නොවන අතර, මෙය පැපොල වැනි රෝග තත්ත්වයකි.

උපාලි ද සේරම්, ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment