වඳුරු පනත (01)

412

කොපමණ කතා කළත් නොවිසෙ​ඳන නීරස ගැටළු කිහිපයක් අප ඉදිරිපිට තිබේ. කොවිඞ් වසංගතය මෙයින් පළමුවැන්නය. මෙය පැරදවීම සඳහා තුවක්කු වෙනුවට ඉන්ජක්ෂන් කටු අතින් ගෙන ත‍්‍රිවිධ හමුදාව ඉදිරියට පැමිණීම වාසනාවකි. රුපියල් කෝටි දෙදාහක් වටිනා නිල් මැණික් පොකුරක් කහවත්තෙන් හමුවිය. ඉන්පසු දිනපතාම රුපියල් කෝටි දාහේ, පන්සීයේ සහ දෙසීයේ වටිනාකමින් යුත් මැණික් පොකුරු හමුවන්නට පටන්ගෙන තිබේ. මේ නිසා මැණික් මාර්කට් එක චංචල වී ඇති අතර මතුයම් දිනක ගෙවල් සෑදීමේදී අත්තිවාරම් සඳහා කළුගල් වෙනුවට මැණික් ගල් පාවිච්චි කිරීමට තරම් තත්ත්වයක් මේ රට තුළ ඇතිවිය හැකිය. මේ රටට මේ දිනවල ඩොලර් නැති බව කියනු ලැබේ. සාමාන්‍යයෙන් නැති බැරිකම අපට අලූ‍ත් ආරංචියක් නොවේ. පුදුමය තිබුනොත්ය. එබැවින් ඒ ගැන අමතක කරමු. වඳුරු පනත පිළිබඳ කතන්දරය ඔබට කියමු. වඳුරා යනු ඉතිහාසගත සතෙකි. නලපාන ජාතකයේ එන බුද්ධිමත් වඳුරු නායකයා ගැන අප දන්නේ අපගේ ළමා කාලයේ සිටය. වඳුරු පනත පිළිබඳ කතාව ජාතක කතාවක් නොවේ. එය මෙසේය.

 රටේ වඳුරු ගහනය (වඳුරන් සහ රිළවුන් යන සත්ත්ව කොට්ඨාශ දෙකම මෙතැන් පටන් වඳුරන් ලෙස හඳුන්වනු ලබන බව සලකන්න) වර්ධනය වී ඇතැයි කියනු ලැබේ. වගා බිම්වලට කඩා පනින වඳුරු රෑන් ඒවායේ ඇති ගහ කොළද ගෙඩි ද නටු ද යනාදී වශයෙන් වූ සියල්ල අනුභව කරන්නට පටන්ගෙන තිබේ. මේ නිසා අප නොදන්නවාට දිනපතා වඳුරන් හාරපන්සීයක් මිනිසුන් වෙතින් මැරුම් කති. වඳුරන්ට වෙඩි තැබීම සඳහා එයාර් ගන් හෙවත් වායු තුවක්කු නමැති ආයුධයක් තිබේ. මෙයින් නිකුත්වන මූනිස්සම හරිආකාරව වඳුරාට වැදුණු විට ගහ මුලට

 ඇද වැටෙන ඒ අසරණ සතා කොන්ද කැඞී මිය යයි. වායු තුවක්කු යනු අද මේ රටේ සුවිශාල ව්‍යාපාරයකි. ඒවා විකුණන ආයතන පත්තරවල දැන්වීම් පළකරමින් කියන්නේ වඳුරන් සහ දඬුලේනුන් බියපත් කිරීම සඳහා මේ තුවක්කු සාදා ඇති බවය. මෙහි බියපත් කිරීමක් නැත. වෙඩි වදින සතා බිමට වැටී කොන්ද කැඞී මිය යාම ස්ථිරය. සාමාන්‍ය ප‍්‍රචාරයට අනුව මේ රට සිංහල බෞද්ධ රටකි. හැබැයි වඳුරන් මරණ තුවක්කු, කැරපොත්තන් මරණ වස, මීයන්ට ඇලවී මැරෙන්නට සලස්වන මැළියම් පුවරු නිදහසේ විකිණීමට රට තුළ ඉඩ තිබේ. අප නැවතත් වඳුරු පනත දෙසට හැරෙමු. නැතිනම් එය අමතකව යා හැක. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය. මේවා ඡුරසඩ්එැ ඵැපඉැරි ඵදඑසදබ ලෙස හඳුන්වනු ලැබේ. වැඩිවන වඳුරු ගහනය මැඩපැවැත්වීම සඳහා වඳුරන් අල්ලා වන්ද්‍යාකරණය කළ යුතු බව එම යෝජනාවෙහි සඳහන් වූ අතර ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුවේ අවසරය පැතුවේය. මන්ත‍්‍රීවරයාගේ මේ යෝජනාව වඩාත් මානුෂීය වූ යෝජනාවකි. වඳුරන්ට වෙඩිතැබිය යුතු බව, ඒ සඳහා වායු තුවක්කු පාවිච්චි කළ යුතු බව, වඳුරන්ගේ කොඳු කැඩිය යුතු බව යනාදී කුණුහරුප කිසිවක් එම යෝජනාවේ නැත. එහෙත් මේ වන්ද්‍යකරණය කරන්නේ කෙසේද? වඳුරන් සිටින කැළයකට ගොස් උපත් පාලන සැත්කම් සඳහා වඳුරු නංගිලා සහ වඳුරු මල්ලිලා පෙළ ගැසෙන්නැයි කීවොත් එය වඳුරන්ට නොතේරේ. ගස් උඩ සිටින වඳුරන් බිම සිටින මිනිසුන්ට ප‍්‍රතිචාර දක්වන්නේ තොප්පි වෙළෙන්දා කතාවේ පමණි. ගස් උඩ සිටින වඳුරන් බිමට බාගැනීම සඳහා කළ හැකි එකම දේ නිර්වින්දන ඖෂධ එන්නත් කිරීමය. කිසිදු වඳුරෙක් ගසෙන් බිමට බැස අයියේ ඔය ඉන්ජෙක්ෂන් එක අපට ගහන්න යැයි කියන්නේ නැත. එබැවින් එම නිර්වින්දන ඖෂධ යෙදු විශේෂ එන්නත් උණ්ඩ යොදා එම වඳුරන්ට වෙඩි තැබිය යුතුය. එම වෙඩිල්ලේ ඇති එන්නත් කටුව වඳුරාගේ ඇඟට වැදුණු විට ගහ උඩ සිටින ඒ සතාට සිහි නැති වී, ගහ මුල වැටී කොන්ද කැඞී මිය යයි. සාමාන්‍යයෙන් අලි ඇතුන් සිහි නැති කරන්නේ නිර්වින්දන බෙහෙත් සහිත උණ්ඩ යෙදු තුවක්කුවලින් වෙඩි තැබීමෙනි. එම වෙඩිල්ල ඇෙඟ් වදින අලියා සිටින්නේ

 මහපොලවේ බැවින් එහෙමම සිහි නැතිවී බිමට පත්වෙයි. එවිට කොන්ද කැඞීමක් නොමැත. එහෙත්, වැව් ජලයේ සිටි ඔත්පල අලින්ට නිර්වින්දන බෙහෙත් විද, වතුරට ඇදවැටුණු අලින් හුස්ම හිරවී මිය ගිය සිද්ධි ගැන ඕනෑ තරම් වාර්තා ඇත. වඳුරු ගහන පාලනය කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත‍්‍රීතුමා ඉදිරිපත් කළ යෝජනාව අහිංසක නමුත් ප‍්‍රායෝගික නැති යෝජනාවකි. මෙහිදී වැදගත් යමක් කිව යුතුය. යහපාලන ආණ්ඩුව තිබූ කාලයේදී එහි සිටි මන්ත‍්‍රීවරයෙක් වන සතුන් බෝවීම පාලනය කිරීම සඳහා ඉතා දරුණු යෝජනාවක් ගෙනාවේය. ඒ ගැන හෙට කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment