වඳ සැත්කම් වැඩිවෙලා – මහ බැංකු දත්ත වාර්තාවක් කියයි

338

පවතින ආර්ථික ගැටලු නිසා වන්ධ්‍යාකරණ සැත්කම් ඇතුළු පවුල් සැලසුම් සඳහා යොමුවන පිරිස වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්ධ වාර්තාවේ සඳහන් වේ.

එම දත්ත අනුව පවුල් සැලසුම් සඳහා 2021 වසරේදී මෙරට පුද්ගලයන් 225,492 ක පිරිසක් යොමුවී ඇත.

ඉන් 29,993 දෙනකු වන්ධ්‍යාකරණ සැත්කම්වලට යොමුවී තිබේ.

පවුල් සැලසුම් සඳහා 2020 වසරට සාපේක්‍ෂව 2021 වසරේදී අලුතෙන් 96,963 දෙනකු යොමුවී ඇත.

වන්ධ්‍යාකරණ සැත්කම් වසර 09 කට පසු වැඩිම ප්‍රමාණයක් සිදුව ඇත්තේ 2021 වසරේදීය.

මීට පෙර වැඩිම වන්ධ්‍යාකරණ සැත්කම් ප්‍රමාණයක් සිදුකර තිබුණේ 2012 වසරේදීය. එය 21,109 කි.

2021 වසරේදී පවුල් සැලසුම් සංවිධානය යටතේ කාන්තාවන් 28,531 ක් ලූප්ස් පැළඳ තිබේ. ගිලින පෙති භාවිතා කර ඇති කාන්තාවන් ගණන 44,462 කි. එන්නත්කරණය සඳහා කාන්තාවන් 79,622 දෙනකු යොමුව තිබේ

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment