වයඹ ආණ්ඩුකාර වැඩ අරඹයි: – වඩුවා කෙටූ ගල කැඩීම නවතයි

722

දඹදෙණිය ප්‍රදේශයේ පිහිටි “වඩුවා කෙටූ ගල’ පාදම කොටස ආශ්‍රිතව සිදු කෙරෙන කළුගල් කැඩීම තාවකාලිකව නතර කරවන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලංගකෝන් මහතාට උපදෙස් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවරයන් ගන්නා තෙක් කළුගල් කැඩීම නතර කරවන ලෙස මෙලෙස උපදෙස් දී ඇත.

දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාර භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ආණුඩුකාරවරයා විසින් නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

තුන්වැනි රාජධානියට අයත් දඹදෙණිය, ශ්‍රී දළදා වහන්සේ වැඩවිසූ පුණ්‍යභූමිය ද වේ. වඩුවා කෙටූ ගලේ පාදම කොටස ආශ්‍රිතව කළුගල් කැඩීමේ මූවාවෙන් විශාල විනාශයක් කරගෙන යන බවට සංඝයා වහන්සේලා සහ ගමේ ජනතාව චෝදනා කරති.

මේ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසු එහි නිරීක්ෂණ චාරිකාවක නියැළුණු ආණ්ඩුකාරවරයා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූවිද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ඊට අදාළ නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment