වයඹ බිත්තර වෙළෙන්දන් අතරමැදියන් නැතිව කෙළින්ම වෙළෙඳාමට සැරසෙන ලකුණු

121

බිත්තර මිල රු.55 සීමාවට රජය පාලන මිලක් නියම කිරීමත් සමගම වයඹ බිත්තර නිෂ්පාදකයන් අතරමැදි වෙළෙඳුන් නොමැතිව සෘජුවම වෙළඳාම් කිරීමට පියවරගෙන තිබිණ.

ඒ අනූව වයඹ නිපදවූ බිත්තර ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් ලොරි රථ 22ක් යොදාගෙන ජා ඇල, කඳාන, මීගමුව සහ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හි ආර්ථික මධ්‍යස්ථාන අසල එම බිත්තර අලෙවිකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අතරමැදියන් සිදුකරන කූඨ වෙළෙඳාම් කටයුතු නිසා බිත්තර මිල ඉහළයෑම වළක්වන්නට මෙසේ පියවර ගත් බවත්, මෙසේ අලෙවි කිරීම නිෂ්පාදකයන්ට වඩා වාසිදායක වුවහොත් ඉදිරියේදී නිෂ්පාදකයාම වෙළෙන්ඳා වීම වැළැක්විය නොහැකි බවත් ය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment