වයඹ රෝහල් සේවාව අද අඩාලවේ

93


සේවා ඉල්ලීම් 06ක් මුල් කරගෙන හෙද ,පරිපුරක ,අතුරු වෛද්‍ය සේවාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 21 ක් විසින් අද වයඹ පළාතේ ක්‍රියාත්මක කර ඇති එක් දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයේ බෙහෙත් නිකුත් කිරීමේ කටයුතු රෝගී සත්කාරක සේවා කටයුතු විකිරණ පරීක්‍ෂණ ,ලේ ,මුත්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ ඇතුළු රෝහල් සේවාවන් රැසක් අඩාල බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල ඊ ඊ ජී ,ඊ සී ජී පරීක්‍ෂණ කටයුතු මෙන්ම වයඹ පළාතේ සිදු කෙරෙන ,පී සී ආර් ,රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ හා ඩෙංගු හා කොරෝනා මර්දන කටයුතුද අඩාල වී පැවති බව එම ආරංචි මාර්ග පවසයි.මෙම වර්ජනය හෙට උදෑසන අවසන් වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment