වයර් රෝලක් රු. 8200 ට නැගලා විදුලි කාර්මිකයෝ හාන්සියි!

452

නිවාස වයරින් කරන රුපියල් 1800 ට තිබූ වයර් රෝලක් රුපියල් 8200 ක් ලෙස විශාල වශයෙන් මිල ඉහළ යෑම නිසා විදුලි කාර්මිකයන්ගේ රැකියා අහිමිවෙමින් ඇතැයි වෘත්තීය විදුලි කාර්මිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (04 දා) පැවසීය.

ලියාපදිංචි විදුලි කාර්මිකයන් 45,000 ක් පමණ සිටින බවත් මොවුන්ගෙන් යැපෙන්නන් ලක්‍ෂ 03 ක් පමණ සිටින බවත් ඒ මහතා කීය.

රජයට බරක් නොවී ස්වයං රැකියාවක් ලෙස විදුලි කාර්මිකයන් සිය රැකියාව කරගෙන ගිය බවත්, විදුලි කර්මාන්තයට බලපාන වයර් රෝලේ සිට අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා තම සාමාජිකයන්ට රැකියා අහිමිවෙමින් ඇති බවත් ධම්මික මහතා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට වෙළෙඳපොළේ ප්‍රමිතියෙන් තොර විදුලි උපකරණ ඇති අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ අවධානය යොමු නොකිරීම නිසා මහජනතාවගේ ආරක්‍ෂාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment