වයසක පුද්ගලයන් කළුබෝවිල රෝහලට ගෙනත් දාල මාරුවෙලා කැරට්ටුව සොයන්න සී.සී.ටී.වී. පරීක්‍ෂණ

386

වයෝවෘද්ධ පුද්ගලයින් කළුබෝවිල රෝහලට ගෙනැවිත් දමා යෑමේ ප‍්‍රවණතාවක් මතුව ඇතැයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) සඳහන් කළේය.

 කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන පුද්ගලයන් හය දෙනකු පමණ පෙරේදා (12 දා) දිනයේ පමණක් කළුබෝවිල රෝහලේ බාහිර රෝගී අංශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බව ද වෛද්‍යවරයා පැවසීය.

 දමා ගිය පුද්ගලයන් අතර පිරිමි සහ ගැහැනු දෙපාර්ශ්වයම සිටින බව සඳහන් කළ වෛද්‍යබෙල්ලන මහතා රෝහලේ සී.සී.ටී.වී. පරීක්‍ෂා කර බලා ඔවුන් ගෙනත් දැමු පුද්ගලයන් පිළිබඳ තොරතුරු පොලිසියට භාරදීමට ක‍්‍රියා කරන බවද පැවසීය.

 කොවිඞ් -19 වැනි දැඩි අවදානම් රෝග තත්ත්වයක් යටතේ මෙවැනි පුද්ගලයින් මෙලෙස රෝහල් පරිශ‍්‍රය තුළ දමා යෑමෙන් තත්ත්වය තවදුරටත් බරපතළ වනු ඇතැයි කී වෛද්‍යවරයා එවැනි කි‍්‍රයාවන් සිදු නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

 නිවාස තුළ රඳවා තබා ගැනීමට අපහසු පුද්ගලයන් සිටී නම් රෝහල් තුළ අතරමං නොකර සමාජ සේවා ස්ථානයක් වෙත යොමු කරන ලෙස ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment