වයස්ගතම ක‍්‍රීඩකයාද කොවිඞ්වලට පරදී

238

ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන් අතරින් වයසින් වැඩිම ක‍්‍රීඩකයා ලෙස ජීවත්ව සිටි දකුණු අපි‍්‍රකාවේ ජොන් වැට්කින්ස් මහතා පසුගියදා සිය ජීවන ගමනට සමුදී ඇත.

 ඒ වනවිට වයස අවුරුදු 98 ක් සහ දින 146 ක් ආයු විඳ තිබූ ජොන් වැට්කින්ස් මහතා ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන් අතරින් ජීවත්ව සිටි වයස්ගතම ක‍්‍රීඩකයා වේ. කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය වැට්කින්ස් මහතා 1949 සිට 1957 දක්වා කාලය තුළ දකුණු අපි‍්‍රකා කණ්ඩායම නියෝජනය කර තිබුණි.

 වැට්කින්ස් මහතාට පසුව ජීවතුන් අතර සිටින වයසින් වැඩිම අනෙක් ක‍්‍රීඩකයා වන්නේ දකුණු අපි‍්‍රකාවේ ආර්. ජී. ඩ්‍රේපර් යන අය වන අතර ඔහුගේ වයස අවුරුදු 94 ක් සහ දින 257 ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment