වයස අවුරුදු දහතුනයි පෙම්වතුන් හත් දෙනයි… ඒ අතර විවාහකයිනුත්…

2263

ජංගම දුරකතනයක් කළ විනාශයක්!

සෙව්වන්දි ලග්ගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. වයස අවුරුදු 13කි. පවුලේ එකම දියණිය වන ඇයට දෙමව්පියන් තම පණ දෙවැනි කොට ආදරය කළේය. ආදරය වැඩිකමටමදෝ කොහෙද ඇය ඉල්ලන බොහෝ දේවල් දෙවරක් නොසිතා ලබා දීමට එම දෙමව්පියෝ කටයුතු කළහ.

ලග්ගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඇය අධ්‍යාපනය හැදෑරුවාය. කොතරම් පහසුකම් තිබුණත් අධ්‍යාපන කටයුතුවලට වඩා ඇය මුල් තැන දුන්නේ බාහිර කටයුතු සඳහාය. එම දෙමව්පියන් ගේ එකම අරමුණ වූයේ තම දියණියට උසස් අධ්‍යාපනයක් ලබාදී ඇයව රටේ වැදගත් පුරවැසියකු බවට පත් කිරීමටයි. ඒ සඳහා ඔවුන් අපමණ වෙහෙසක් දැරුවේය. එහෙත් සෙව්වන්දිගේ සමහර ක්‍රියාකාරකම් නිසා ඒවා ගඟට කැපූ ඉනි මෙන් විය.

දිනක් ඇය තම දෙමව්පියන්ට මෙලෙස පැවසුවාය.

“අම්මේ මට හොඳ ෆෝන් එකක් අරන් දෙන්න ඕනා.”

“ඇයි ඔය තියෙන එක මදිද?”

“ඒ ෆෝන් එකක් කබලක්. හරියට වැඩක් කරගන්නවත් බැහැ ඒකෙන්. මගේ යාළුවෝ ළඟ තියෙන්නේ අලුත් ෆෝන්.”

“ඒවයින් වැඩක් නැහැ ඔයා ළඟ තියෙන ෆෝන් එකෙන් ඔයා වැඩ ටික කරගන්න.”

“මට බෑ මේකෙන් වැඩ කරන්න. මට ෆෝන් එකක් අරන් දුන්නෙ නැත්නම් ඔන්ලයින් පන්ති වලට ඉන්නෙත් නැහැ.”

“එහෙම කියන්න එපා දුවේ. ඔයාට තියෙන එකෙන් ඉගෙනගන්න. ඕකත් හොඳ ෆෝන් එකක් නේ.”

“මේක හොඳයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා. දැන් මේවා පරණයි. ස්පීඩ් එකක් මදි.”

“එහෙම කියන්න එපා දුවේ. මේ දවස්වල අපේ අතේ සල්ලිත් නෑහැ.”

“එහෙනම් මං සල්ලි හම්බ වෙනකන් ඉගෙන ගන්නේ නැතුව ඉන්නම්.”

“ඔයා පොඩ්ඩක් තේරුම් ගන්නකෝ දුවේ. අපි ඔයාට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ.”

“මට ඒවායින් වැඩක් නැහැ. අද හෙටම අලුත් ෆෝන් එකක් ඕනා. එහෙම නැති වුණොත් මම ඔන් ලයින් පන්තිවලට සහභාගි වෙන්නේ නෑහැ.”

“අනේ මන්දා ඔයා නං කවදාවත් හැදෙන ළමයෙක් නොවේ.”

“අලුත් ෆෝන් එකක් අරන් දුන්නොත් මම හැදෙන්නම්.”

“ඔය ෆෝන් එක ගන්න දැන් කීයක් විතර යනවද?”

“අඩුම පනස්දාහක් වත් යනවා.”

“ඔයාට පිස්සුද ළමයෝ. වැඩට යන අය ළඟවත් එතරම් වටින ෆෝන් නෑහැ.”

“අම්මලා දන්නේ නැහැනේ. හොඳ ෆෝන් එකක් නැත්තං ඔන්ලයින් යන්න බැහැ.”

“අනේ මන්දා ඔයානම් මහ පුදුම ළමයෙක්.”

ඒ අනුව සෙව්වන්දිට දෙමව්පියන් මිල අධික ජංගම දුරකථනයක් ලබා දුන්නේය. එම ජංගම දුරකථනය දුන් දා සිට ඇය ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙක තබා ටික් ටොක්, ෆේස්බුක්, වට්ස් අප් වැනි සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට හුරු වූවාය. සමහර දිනවල පාන්දර දෙක තුනටත් ඇය එම සමාජ මාධ්‍ය ජාල පරිහරණය කළාය. ටික කලක් ගත වෙද්දී එයට අමතරව අන්තර්ජාලය හරහා වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි නැරඹීමට ඇය පුරුදු වූවාය. එලෙස මාසයක් පමණ ගතවිය.

අධ්‍යාපන කටයුතු පසෙක දැමූ ඇය දිගින් දිගටම වැඩිහිටියන්ට පමණක් සීමා වෙබ් අඩවිවල ඇති වීඩියෝ පට නැරඹීමට පුරුදු වූවාය. දිනපතාම එවැනි වීඩියෝ පට නැරඹීම නිසා ඇයගේ මනස අවුල් වී තිබුණි. ඒ අනුව දින ගණනක් ඇය මෙලෙස කල්පනා කළාය.

“මමත් ඒ වීඩියෝවල වගේ පිරිමි කෙනෙක් එක්ක ඉන්න ආසයි. ඒත් කොල්ලෙක් නැහැනේ. අපේ පන්තිවල කොල්ලෙක් යාළු කරගන්නත් බැහැ. යාළු වුණත් ඒගොල්ලොත් එක්ක මෙහෙම ඉන්න බැහැනේ. ඒගොල්ලො පොඩි අයනේ. අයියා කෙනෙක් එක්ක යාළු වුණා නම් හරි. එතකොට මට ඕන විදියට එයත් එක්ක ඉන්න පුළුවන්. මගේ තියෙන ආශාවන් එයාගෙන් ඉටුකරගන්න පුළුවන්.”

“තවත් කල් මට බලන් ඉන්න බැහැ. ඉක්මනටම අයියා කෙනෙක් එක්ක යාළුවෙන්න ඕනා. කවුද එහෙම කෙනෙක් ඉන්නේ. අපේ ගමේ සඳුන් අයියා හොඳයි. එයා ගොඩක් උස මහතයි. මම එයාට ගොඩක් කැමතියි. කොහොම හරි මම එයත් එක්ක යාළු වෙලා මගේ හිතේ තියෙන ආශාව ඉටු කර ගන්නවා.”

ඒ අනුව ඇය සඳුන් නමැති තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගැනීමට උත්සාහ කළාය. සඳුන් යනු වයස අවුරුදු 25ක තරුණයෙකි. පෞද්ගලික අංශයක රැකියාවක් කරන ඔහු සෙව්වන්දිගේ ගම් ප්‍රදේශයේම පදිංචි අයෙකි. ඇය පළමුව සඳුන්ගේ ජංගම දුරකථන අංකය සොයා ගත්තාය. ඉන්පසු වට්ස්අප් හරහා ඇය ඔහු සමග තොරතුරු හුවමාරු කර ගැනීමට පටන් ගත්තාය. සති කිහිපයක් එලෙස ගත විය. ඒ කාලය අතරතුර ඔවුන් දෙදෙනා ඉතාමත් ළං වූහ.

සෙව්වන්දිට වුවමනා වූයේ හැකි ඉක්මනින් ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තම සිතේ තිබෙන ආශාවන් ඉටුකරගැනීමටයි. ඒ අනුව දිනක් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

“සඳුන් අයියේ කොහොමද?”

“වරදක් නැහැ හොඳින් ඉන්නවා.”

“මම ඔයාට දෙයක් කියන්න ඉන්නේ”

“ඒ මොකක්ද නංගි.”

“ඇත්තටම මම ඔයාට ගොඩක් කැමතියි”

“ඇයි ඒ”

“ඔයා හොඳ කෙනෙක්. මම මගේ හොඳම යාළුවාටත් ඔයා ගැන කියලා තියෙන්නේ.”

“ඒ මොනවද මං ගැන කියලා තියෙන්නේ.”

“ඒවා පස්සේ දවසක කියන්නම්.”

“ඇයි දැන් කියන්න මම දැනගන්න ආසයි.”

“බැහැ ඒව පස්සෙ කියන්නම්.”

“එහෙමද කමක් නැහැ ඔයාගේ කැමැත්තක්”

“මං අයියගෙන් දෙයක් අහන්නද? හැබැයි මට ඇත්ත කියන්න ඕනා.”

“ඕන දෙයක් අහන්න මම ඔයාට බොරු කියලා නැහැනේ”

“ඒක මම දන්නවා. ඒකනේ මම අයියත් එක්ක

ළඟින්ම ආශ්‍රය කරන්නේ.”

“මොකක්ද දැන් මගෙන් අහනව කිව්වේ.”

“ඔයාට ගෑනු ළමයෙක් ඉන්නවද?. මට ඇත්ත කියන්න.”

“ඇයි එකපාරටම එහෙම අහන්නේ.”

“හේතුව මම පස්සේ කියන්නම්. දැන් මම අහපු දේට උත්තරයක් දෙන්නකෝ”

“නැහැ මට ගැහැනු ළමයෙක් නැහැ.”

“ඔය ඇත්තමද කියන්නෙ”

“ඔව් මම ඇත්ත තමයි කියන්නේ.”

“පුදුමයි මෙච්චර ලස්සන කොල්ලෙකුට ගැහැනු ළමයෙක් නැහැ කිව්වම.”

“මම කොහෙද නංගි ලස්සන.”

“ඇයි ලස්සන නැත්තෙ. මටනම් ඔයා ගොඩක් ලස්සනයි.”

“ඇත්තමද ඔය කියන්නේ.”

“ඔව් ඇත්ත තමයි කියන්නේ.”

“ඒ කියන්නේ කවදාවත් කෙල්ලෙක් එක්ක යාළු වෙලා නැහැ.”

“නෑ නංගි මගේ සම්බන්ධතාවක් තිබුණා. ඒක දැන් නැහැ.”

“ඇයි ඒ මොකද වුනේ”

“එයා වෙන කෙනෙක් එක්ක යාළුවුණා.”

“අයියෝ ඇයි ඒ.”

“ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.”

“සොරි අයියාගේ හිත රිදෙව්වනම්”

“අනේ නෑහැ ඒ ගැන හිතලා මම දුක් වෙන්නැහැ.”

“අයියා වගේ හොඳ කෙනෙක් දාල යන්න ඒ කෙල්ල ගිය ආත්මේ පවක් කරලා ඇති. ඒක නොවෙයි මම අයියගෙන් දෙයක් අහන්න හදන්නේ.”

“මොකක්ද ඕන දෙයක් අහන්න.”

“හැබැයි මට අදම උත්තරයක් ඕනා.”

“හරි හරි මම උත්තර දෙන්නම්.”

“අයියේ මම ඔයාට ගොඩක් ආදරෙයි.”

“ඔයා විහිළු කරනවද?”

“නැහැ මම ඇත්තටම අයියට ආදරෙයි.”

“ඔයා තවම පොඩි කෙනෙක්.”

“ආදරේට ලොකු පොඩි වෙනසක් නැහැ”

“ඒක ඇත්ත. ඒ වුණාට ඔයා තවම ඉස්කෝලේ යනවා.”

“ඒ ගැන අයියා හිතන්න එපා.”

“මටත් ඔයාට අකැමැති වෙන්න හේතුවක් නැහැ.”

එලෙස දෙදෙනා ආදර සම්බන්ධතාවක් ගොඩනඟා ගත්හ. එතැන් පටන් දෙදෙනා රාත්‍රී කාලයේ වීඩියෝ කෝල් හරහා විවිධ දේ කතාබස් කළහ. ඒ අතර කාමයෙන් උමතු වී සිටී සෙව්වන්දි තම නග්න ශරීරය පවා ඔහුට පෙන්නුවාය. ඇයට වුවමනා වූයේ හැකි ඉක්මනින් සඳුන් සමග ලිංගිකව එක්වීමටයි.

දිනක් ඇය සඳුන්ට මෙලෙස පැවසුවාය. “අයියේ හෙට අපේ ගෙදර කවුරුත් නැහැ. ඔයා එන්න මාව බලන්න.”

සඳුන් ඒ අනුව පසුදින ඇයගේ නිවසට පැමිණියේය. එලෙස පැමිණි සඳුන් ඇය සමග ලිංගිකව එකතු වූවාය. එතැන් පටන් ලද සෑම අවස්ථාවකම සඳුන් ඇයගේ නිවසට පැමිණ ලිංගිකව එකතු විය. මාස කීපයක් මෙලෙස ගත විය. සෙව්වන්දි තව තවත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ වීඩියෝ පට නැරඹීමට පුරුදු වූවා ය. ඇයට වුවමනා වූයේ එම වීඩියෝ පට වල ආකාරයට ලිංගිකව එකතු වීමටයි.

තවත් සති කිහිපයක් ගතවෙද්දී වෙනත් තරුණයකු සමග ලිංගිකව හැසිරීමට ඇයට වුවමනා විය. ඒ අනුව ඇය තවත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නඟා ගත්තාය. දෙමාපියන් නොමැති අවස්ථාවල එම තරුණයාව තම නිවසට ගෙන්වා ගෙන ඔහු සමඟද ඇය ලිංගිකව එකතු වූවාය. මාසයක් පමණ ගත වන විට ඇයට ඔහුවද එපා විය. ඉන්පසු ඇය ෆේස්බුක් හරහා විවාහක තරුණයකු සමඟ සම්බන්ධතාවක් ඇති කර ගත්තාය.

ඇය එම විවාහක තරුණයාව ද තම නිවසට ගෙන්වාගෙන ලිංගිකව එකතු වූවාය. ඔහුගෙන් ඇය සෑහීමකට පත් වූයේ නැත. තවත් තරුණයන් කීප දෙනකුම සමග ඇය එවැනි සම්බන්ධතා පවත්වාගෙන ලිංගිකව එකතු වූවාය. අවුරුදු 13ක් වයසැති මෙම පාසල් සිසුවිය ඒ වන විටත් විවාහක තරුණයන් දෙදෙනකු ඇතුළුව තරුණයන් හත් දෙනකු සමග ලිංගිකව හැසිරී තිබුණි. එයට ප්‍රධානම හේතුව වූයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ වීඩියෝපට නැරඹීමට ඇය ඇබ්බැහි වී තිබීමයි.

කලක් ගත වෙද්දී ඇයගේ මෙම උමතු ක්‍රියාව පිළිබඳව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ නිලධාරියෙකුට දැනගන්නට ලැබුණි. වහාම ඔහු ඒ පිළිබඳව ලග්ගල පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව එම පොලිස් නිලධාරීහු පාසල් සිසුවියගෙන් ප්‍රශ්න කළහ. එහිදී ඇය සිදු වූ සියල්ල එම නිලධාරීන් ඉදිරියේ පැවසුවාය. එහිදී අනාවරණය වූයේ එම පුද්ගලයන් නිවස තුළදී පමණක් නොව නිවස ආසන්නයේ ඇති ලඳු කැලෑවට පවා ගොස් ඇයට ලිංගික අතවර කර ඇති බවයි. එම බාලවයස්කාර තරුණියගේ තොරතුරුවලට අනුව පොලිස් නිලධාරීහු ඇය සමග ලිංගිකව හැසිරුනු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත්හ. ඒ අතර විවාහකයන් දෙදෙනෙක් ද සිටියේය.

අනෙක් තරුණයන් දෙදෙනා පිළිබඳව නිශ්චිත තොරතුරක් පැවසීමට ඇය අපොහොසත් වූවාය. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පොලිස් නිලධාරීන් සිදු කරගෙන යමින් පවතී. මෙම ලිපිය ලියන මොහොත වන විටත් එම පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටියේය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අවුරුදු 19, 23, 25, 28 සහ 26 වයස්වල පසුවන්නන් බවද අනාවරණය වී තිබුණි.

දෙමවුපියනි ඔබගේ දරුවා පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් සිටින්න. නැතිනම් මෙවැනි අපරාධයක් ඔබේ දියණියටත් සිදුවිය හැකිය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment