වයස පැත්තකට තියලා දරුණු ගේමකට සැරසෙන ෂාරුක්

205

පඨාන් කිව්වම ඕනෑ කෙනකුට මුලින්ම මතක් වෙන්නෙ දිග ඇඳුමක් ඇඳපු” හොඳ උස මහත පෙනුමක් තියෙන සැර පරුෂ පිරිමි කෙනෙක්. මොකද ඉන්දියාවේ පඨාන්ලා කියන්නෙ ආදි කාලයේ යුද්ධවලට පිටරටකින් හේවායෝ විදිහට ගෙන්වපු මුස්ලිම්වරු පිරිසක්. එයාලගෙන් පැවතගෙන එන බහුතරය අදටත් සද්ධන්ත මිනිස්සු. හැබැයි මේ කියන්න හදන්නෙ ඒ පඨාන්ලා ගැන නෙවෙයි.

වයස පැත්තකට තියලා දරුණු ගේමකට සැරසෙන ෂාරුක්

ශාරුක් ඛාන් රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටයේ නම ‘පඨාන්..

ශ්‍රීධර් රාඝවන්ගේ තිර රචනයත්” තා රා රම් පම්” සලාම් නමස්තේ” බච්නා ඒ හසීනෝ” අන්ජානා අන්ජානී කියන ජනප්‍රිය චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වූ සිද්ධාර්ත් ආනන්ද්ගේ අධ්‍යක්ෂණයත්” යෂ් රාජ් ස්ටුඩියෝස් හි ආදිත්‍ය චොප්රාගේ නිෂ්පාදනයත් නිසා පඨාන් චිත්‍රපටය මේ වසරේ වෙනත් චිත්‍රපටවලට වඩා ඉහළට ඒමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා තමයි ශාරුක්ගේ රසික රසිකාවියෝ කියන්නෙ. මේ චිත්‍රපටයේ දීපිකා පදුකෝනුත්” ජෝන් ඒබ්‍රහමුත් රඟපානවා. ශාරුක් පෙනී ඉන්නෙ අවුරුදු තුනක් පුරාවට අතුරුදන් වෙලා ඉඳලා සතුරාගේ අත්අඩංගුවෙන් අනේකවිධ වධවලට මුහුණ දීලා පැනලා ආපු බුද්ධි අංශ නිලධාරියෙකුගේ චරිතයකටයි. නමුත් චිත්‍රපටය multi starer එකක් වීම” ඒ කියන්නෙ ජනප්‍රිය සිනමා තරු කීපදෙනෙක්ම රංගනයෙන් දායක වන චිත්‍රපටයක් වීම නිසාත්” ශාරුක්ගේ පහුගිය චිත්‍රපට කීපයක් බොක්ස් ඔෆිස් හි අසාර්ථක වීම නිසාත් පඨාන් චිත්‍රපටය සමහර film critics ලාගේ අපහාසයට ලක්වෙන බව තමයි අපිට ඉන්දියාවෙන් ඇහෙන්නෙ.

වයස පැත්තකට තියලා දරුණු ගේමකට සැරසෙන ෂාරුක්

ජෝන් ඒබ්‍රහම් දුෂ්ඨ චරිතයකට වුණත් මෙච්චර කාලයක් රඟපාපු නැති ආරයේ රඟපෑමක් අපට බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම චිත්‍රපටය පුරාවට වේෂ නිරූපණ ශිල්පීන් අතින් විටින් විට කැත වෙච්ච ශාරුක්වත්” වෙන කවරදාටත් වඩා කඩවසම් සහ නැවුම් පෙනුමකින් ඉන්න ජෝන් ඒබ්‍රහම්වත් අපට දැකගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදිහට පෙනී ඉන්න ජෝන්ව ඒ තරම් ලස්සනට මේක් අප් කරලා බුද්ධි අංශ නිලධාරියෙක් විදිහට ඉන්න ශාරුක්ව මමියක් වගේ ටේ්‍රලර් එකේ පෙන්නන එක ගැනත් ඉන්දියාවේ අය එක එක මත පළ කරනවා. ටේ්‍රලර් එකේ දීපිකා පදුකෝන් පොලිස් නිලඇඳුමකින් නොහිටියත් ආරංචි මාර්ගවල හැටියට ඇය රඟපාන්නේ සරාගී පොලිස් නිලධාරිනියකගේ චරිතයක්.

මැදපෙරදිග රූගත කිරීම් කරපු පඨාන් චිත්‍රපටය සිනමා ඉතිහාසයේ හැමදාම වගේ අපි දැකපු හොරා පොලිස් කතාවකට වඩා වැඩි වෙනසක් නැහැ. පොඩි හරි වෙනසකට තියෙන්නෙ මේකේ ලොකේෂන් නම් කරලා තියෙන්නෙ මනඃකල්පිත ආකාරයකට වීමයි. යම් සමාජයක බලවත් මාෆියා රජවරු අතර බලවත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තමන්ගෙ පියාව මරා දාලා නීතියෙනුත් ගැලවිලා තමන්ගෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරගෙන යන අතරේ ඔහුව නීතියට යටත් කරගන්න උත්සාහ කරන ආරක්ෂක අංශවල කතාවක් තමයි පඨාන්. කතාව කොහොම වෙතත් මේකෙ සටන් ජවනිකාවලට ලොකු අවධානයක් දීලා රූගත කරපු බවක් පේන්න තියෙනවා.

ශාරුක්ගෙ ෆිල්ම්ස් හැමදාම රිලීස් කරන්නෙ මොකක් හරි උත්සවයක් බලලමයි. කොටින්ම පඨාන් චිත්‍රපටයේ ටේ්‍රලර් එක රිලීස් කළෙත් 2022 නොවැම්බර් දෙවැනිදා ශාරුක්ගේ 57 වැනි උපන්දිනය දවසෙයි. නිෂ්පාදන කණ්ඩායම කියන විදිහට ඉන්දියානු ජනරජ දිනය අළලා එන සති අන්තයේ (2023 ජනවාරි 25 වැනිදා) තමයි පඨාන් චිත්‍රපටය රිලීස් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

සුහාරා පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment