වයස 19න් පහළ ශ‍්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය අද ඇරඹේ

331

වයස අවුරුදු 19 න් පහළ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග 5 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අද (15 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

තරගාවලිය සඳහා ක‍්‍රීඩකයන් 20 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර ඒ සඳහා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හිමි වී ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කරයි. තරගාවලියට සහභාගිවන බංග්ලාදේශ් කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. සංචිතයේ නායකත්වය සඳහා දුනිත් වෙල්ලාලගේ නම් කර ඇති අතර උප නායකයා ලෙස රවීන්‍ද්‍ර සිල්වා පත්කර ඇත. දුනිත් මරදාන ශාන්ත ජෝශප් විiාලයේ ශිෂ්‍යයෙකු වන අතර රවීන් කොළඹ නාලන්දා විදුහලේ ශිෂ්‍යයෙකි.

සංචිතයට නම් කර ඇති අනෙක් ක‍්‍රීඩකයන් මෙසේය. ෂෙවොන් ඩැනියෙල්, පවන් පතිරාජ. සබීෂ රාජපක්‍ෂ, රයන් ප‍්‍රනාන්දු, හරිදු ජයසේකර, සදීෂ් ජයවර්ධන, ලහිරු දෙවටගේ, වනුජ සහන් කුමාර. මල්ෂි තරුපති, ජීවක රෂ්මික, ටෙ‍්‍රවේන් මැතිව්, සසංක නිර්මාල්, රනල් හේමානන්ද, යසිරු රොද්‍රිගු, මතීෂ පතිරණ, චමිදු වික‍්‍රමසිංහ, ලහිරු අබේසිංහ සහ විනිජ රන්පුල්

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment