45 අඩු ක්‍රීඩකයින්ද පරදා වයස 80 මිත්තණිය මීටර් 100න් එකට

708

යාපනය වික්ටෝරියා විද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී ආදි ශිෂ්‍යාවන් සදහා වූ මීටර් සීය දුර දිවීමේ තරගයෙන් වයස අවුරුදු 80 ක කාන්තාවක් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබේ.

ඇය සමග වයස අවුරුදු හතළිස් පහට අඩු ක්‍රීඩිකාවන් 6 ක් ද පනස් පහට අඩු ක්‍රීඩිකාවන් හතර දෙනෙකුද මෙම ධාවන තරගයට සහභාගී වූවත් අවසාන මොහොතේදී වයෝවෘද්ධ කාන්තාව සිය උපරිම ජවය විදහා දක්වමින් පලමු ස්ථානයට පත්ව තිබේ. එස්.මුත්තනී පුනිතාවතී නැමති ඇය යාපනය වික්ටෝරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර රජයේ ලිපිකාරිණියක ලෙස සෙවය කොට විශ්‍රාම ලැබූ අයෙකි.

මෙම ධාවන තරගය සදහා ත්‍යාග පිරිනැමූ අවස්ථාවේදී සැලසුම් කොට තිබූ ත්‍යාගයට අමතරව තවත් ත්‍යාග කීපයක් විදුහලේ සංවිධායක මණ්ඩලය විසින් පිරිනමන ලද අතර තරගය නැරඹීම සදහා පැමිණි අයගෙන් තවත් මුදල් ත්‍යාග රැසක් ඇයට හිමි වී තිබේ.
දිනසේන රතුගමගේ, මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment