වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නව නාවික හමුදාපති ධුරයට

207

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ (18දා) පත්විය.

ඒ අනුව ඊයේ උදෑසන හිටපු නාවික හමුදාපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නව නාවික හමුදාපති වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාරදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, නව නාවික හමුදාපති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා කොළඹ රාජකීය විiාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1987 වර්ෂයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිiාලයේ 05 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් විය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිiාලයෙන් ආරක්‍ෂක හා උපයමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2004 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි නාවික සංග්‍රාමික විiාලයේ නාවික මාණ්ඩලික පාසලෙන් අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇත. තවද ඔහු 2012 වර්ෂයේදී ඔස්ටේ්‍රලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්වවිiාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. 2018 වර්ෂයේදී චීනයේ ජාතික ආරක්‍ෂක විiාලයෙන් ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව හදාරා ඇත.

තිස් වසරකට ආසන්න කායලයක් පැවැති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකළ නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණසූර පදක්කම තෙවතාවක්ද, අගනා සේවය නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත, ඔහුගේ දක්‍ෂතාවය කැපවීම සහ ආදර්ශමත් කාර්ය සාධනය ඇගයීම වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් අවස්ථා හතකදී ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

ආගමික වතාවත් වලට මුල්තැන ලබාදෙමින්, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය නාවික හමුදාපති ධුරයේ වැඩ කටයුතු උදෑසන නිල වශයෙන් ආරම්භ කළ අතර, එම අවස්ථාව සඳහා ඔහුගේ දයාබර බිරිඳ මාලා ලමාහේවා මහත්මිය සහ ඔවුන් දෙපළගේ පුතුන් වන සචිත් (24) සහ ෂමාල් (21) ද සහභාගි වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment