වයිෆයිලාගේ අරමුණ මුදල් ඉපයීම ම නෙමෙයි – සුපුන් චලින්ද

208

මේ රට ඇතුළේ අපේ මතකයේ රැඳෙන සංගීත කණ්ඩායම් තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්. මොන තරම් සංගීත කණ්ඩායම් තිබුණත් රසිකයාගේ ආදරය දිනා ගන්න හැමෝට ම හැකියාවක් ලැබෙන්නෙත් නෑ. සංගීත ලෝලීන්ගේ ආදරේ නිතරඟයෙන් ලැබෙන සංගීත කණ්ඩායමක් ගැනයි මේ ලියැවෙන්නේ. ඒ තමයි මීගමුවේ වයිෆයි සංගීත කණ්ඩායම. මේ සංගීත කණ්ඩායමට අපේ රට තුළ හිමි වන්නේ ප්‍රධාන තැනක්. අද මේ කතාබහ වයිෆයි සංගීත කණ්ඩායමේ නියමුවා වන සුපුන් චලින්ද රුද්‍රිගු සමගය.

කොහොම ද වයිෆයි සංගීත කණ්ඩායම හැදෙන්නේ?

වයිෆයි බෑන්ඩ් එක හදන්නේ මීට අවුරුදු තුනකට කලින්. මම බොහෝ කලක් අපේ රටේ සංගීත කණ්ඩායම් දෙස විමසිල්ලෙන් බලා සිටි කෙනෙක්. ඒ කාලය තුළ මට හිතුණ දෙයක් තමයි සංගීත කණ්ඩායමකින් මේ රටේ සංගීත ලෝලීන්ට ලොකු මෙහෙවරක් කළ හැකි බව. එහෙම හිතල බැන්ඩ් එකට මුල් අඩිතාලම දාගන්නවා. හැබැයි ඒ වෙනුවෙන් මම වින්ඳ දුක් නම් වචනවලින් කියන්න බැරි තරම්.

වයිෆයිලාගේ අරමුණ මුදල් ඉපයීම ම නෙමෙයි - සුපුන් චලින්ද

වෙනත් සංගීත කණ්ඩායම්වලට වඩා වයිෆයි සංගීත කණ්ඩායම වෙනස් ආරක් ගන්නව නේද ?

වයිෆයි හැදෙන්නේ මුදල් ඉපයීම මුල් කරගෙනම නෙවෙයි. වයිෆයි සංගීත කණ්ඩායම මම හදන්නේ මේ රටේ සංගීතයට ආදරේ කරන සංගීත ලෝලීන්ට ඉතාමත් ඉහළ වින්දනයක් ලබාදීමේ අරමුණින්. ඒ වෙනුවෙන් මම මගේ සංගීත කණ්ඩායමට අවශ්‍ය ආම්පන්න කුලියට ගන්නෙ නැතුව අති විශාල මුදලක් වැය කරලා විදෙස් රටවලින් ගෙන්වා ගත්තා. මේ අති නවීන සංගීත මෙවලම් නිසා වයිෆයි සංගීත ප්‍රසංගයක් නරඹන සංගීත රසකාමීන්ට ඉහළම ගුණාත්මක සංගීත රහක් විඳගන්න පුළුවන්. මම හිතන්නේ නෑ මේ නාද රටාවන් වෙනත් සංගීත ප්‍රසංගයකින් රසිකයාට ලැබෙනවා කියලා.

අසසෙ සංගීත කණ්ඩායම දකින්න ලැබෙන්නේ එළිමහන් ප්‍රසංග වල විතරද?

එළිමහන් ප්‍රසංගවල විතරක් නෙමෙයි ප්‍රියසම්භාෂණ, මංගල උත්සව වැනි කාරණාවලදීත් වයිෆයි සංගීත කණ්ඩායම සංගීතය සපයනවා. සරලවම කිව්වොත් සබාදදර දමඑාදදර චක්හ කරන සංගීත කණ්ඩායමක් වයිෆයි කියන්නේ.

මේ රටේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේත් වයිෆයි දකින්න ලැබෙනව නේද?

හැම විද්‍යුත් නාලිකාවක්ම වගේ ඔවුන්ගේ ප්‍රසංග සඳහා වයිෆයි යොදා ගන්නවා. ඒකට හේතුව අපේ සංගීත රසය සහ උසස් නාදරටාවන් කියල කිව්වොත් හරි. අපි බොහොමයක් විද්‍යුත් මාධ්‍යවල සංගීත ප්‍රසංග සඳහා සංගීතය සපයා තියෙනවා. ඔවුන් වයිෆයි සංගීත කණ්ඩායමට දක්වන්නෙ මිල කළ නොහැකි ආදරයක්. මේ ආදරය ලෙහෙසියෙන් ලබාගන්න පුළුවන් එකක් නෙවෙයි.

ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනා එහෙම කොහොමද?

ඇත්තම කතාව නම් අපිට මාසෙකට ෂෝ විස්සක් විසි පහකට සහභාගි වෙනවා. අපි ලංකාවේ සෑම පළාතකම වගේ ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම හතර අතින් සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙනවා. සමහර මාසවල විවේකයක් නැති තරමට ප්‍රසංග අපිට ලැබෙනවා. අපි මේ වෙනකොට මේ රටේ සෑම ගායක ගායිකාවට ම වගේ සංගීතය සපයලත් තියෙනවා. කෙටි කලක් තුළ මේ ලැබුණු ප්‍රතිචාර ගැන හිතනකොට ආඩම්බරයි. අද වයිෆයි සංගීත කණ්ඩායම ගැන නොදන්න කෙනෙක් නෑ. ඒ ගැන පුදුම සතුටක් දැනෙන්නෙ.

යුගන්ති යශෝදරා

advertistmentadvertistment
advertistmentadvertistment