වයෝවෘද්ධ කතකට අතවර කර සැගවී සිටි චූන් පාන් රියැදුරා අත්අඩංගුවට

263

ජංගම අලෙවියේ යෙදුණු පළමු දිනයේම නිවසකට ඇතුළු වී 84 වියැති කාන්තාවකට ලිංගික අතවර සිදුකර ප‍්‍රදේශයෙන් පළා ගොස් සිටි 37 හැවිරිදි අයෙකු මාස අටකට පසුව අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන්ට හැකිව තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයේ 28 දින මෙම සිද්ධිය වැලිපැන්න පොලිස් බල ප‍්‍රදේශයේදී සිදුවී ඇති බවත් එදින සිට එම සිද්ධියේ සැකකරු ප‍්‍රදේශයෙන් පළාගොස් විවිධ තැන් වල වසන් වෙමින් කුලී රැුකියා කර ඇති බවත් වින්දිත කාන්තාවට මෙම අපරාධය සිදුකර ඇත්තේ කලක් එම ප‍්‍රදේශයේ තැන තැන දෛනික කුලී රැුකියා කරමින් සිටියදී බේකරියක චුන් පාන් රථයක තාවකාලික රියදුරෙකු ලෙස එක් දිනක් කටයුතු කරමින් සිටියදී බවත් එදින සිට

පළාගොස් සිටි සැකකරු සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාස කිහිපයක පමණ කාලයක සිට විමර්ශන සිදුකර හිඹුටාන අංගොඩ ප‍්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගත් බව එම ඒකකයේ නිලධාරින් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල පේ‍්‍රමදාස, නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර, උප පොලිස් පරීක්ෂක ඉන්දික, පොලිස් සැරයන්වරුන් වන ගුණවර්ධන (44251*, සමන් (27118*, නන්දන (44251* යන මහත්වරු මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

මහිලාල් පද්මසූරිය – අගලවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment