වයෝවෘද්ධ පුද්ගලයාගේ මළ සිරුර මඩකලපුව කළපුවේ

182

මඩකලපුව කළපුවේ කුරුමන්වේලි ඕකඩදී වයෝවෘද්ධ පුද්ගලයකුගේ සිරුරක් ඊයේ (23 දා) සවස ගොඩගත් බව කළුවන්චිකුඩි පොලිසිය පවසයි. කුමරන්වේලි 12 හි පදිංචි කුමාරයියා ගෝපාලසාමි 68 හැවිරිදි පුද්ගලයාගේ සිරුර බව හඳුනා ගෙන ඇත.

අඟහරුවාදා (21 දා) රාත‍්‍රියේ 11.00 දක්වා නිවසේ රැුදී සිටි වයෝවෘද්ධ පුද්ගලයා ඉන් අනතුරුව අතුරුදහන් වී ඇත. ඊයේ සවස කළපුවේ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව ඥාතීන් සොයා බැලීමෙන් පසුව පොලිසියට දැනුම් දී ඇත. ස්ථානයට ගිය කලූවන්චිකුඩි පොලිසියත් මඩකලපුව පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කළ අතර එම වයෝවෘද්ධ පුද්ගලයා භාවිතා කළ බස්තමක්, ටෝච් එකක් ගඟ ඉවුරේ තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර විමර්ශන සිදු කරයි.

මඩකලපුව – ටී. එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment