වරකාපොළදීත් බස් රථයක් ගෑස් ලොරියක හැපෙයි – බසයේ සිටි මගීන් 20කට තුවාල

292

නුවර කොළඹ මාර්ගයේ හොරගස්මංකඩ දී 21 වන දින සවස කොළඹ දෙසට ධාවනය වූ ගෑස් ලොරියක් හා කොළඹ දෙසින් කුරුණෑගල දෙසට ධාවනය වූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගීන් 20 දෙනෙකු තුවාල ලබා වරකාපල රෝහලට ඇතුළත් කළ බව වරකාපල පොලීසිය පැවසීය.

මෙයින් දැනට හත් දෙනෙකූ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. මෙම අනතුර සම්බන්ධව වරකාපල පොලිස් ස්ථානාධිපති ගාමිණී වීරවර්ධන මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගම්ලත් මහතා පරීක්ෂණ පවත්වයි.
කෑගල්ල එම්.බී.පහලවත්ත වරකාපල ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment