වරකාපොළ අනතුරින් මියගිය ගණන වැඩිවේ

657

වරකාපොළ තඹලියැද්ද ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යටවූ එම නිවසේ පදිංචිව සිටි 24 හැවිරිදි පුතා ද මියගොස් ඇත. අද පෙරවරුවේ එම සිරුර සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාම මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි. මවගේ සිරුර ද අද උදෑසන හමු විය.ඒ අනුව එම අනතුරින් මියගිය ගණන දෙකකි.

advertistmentadvertistment
advertistmentadvertistment