වරකාපොළ පස් කන්ද කඩා වැටුණු නිවසේ කාන්තාවක් මරුට

142

වරකාපොළ තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඊයේ සවස පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම නිවසේ සිටි කාන්තාවක් මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම කාන්තාවගේ සිරුර අද උදෑසන යුදහමුදා සෙබළුන් විසින් නිවස තුළින් පිටතට ගෙන ඇත.පස්වලට යටවූ නිවස තුළ දරුවකුද සිටින බව හදුනාගෙන තිබේ.පස් කන්ද නිවස මතට කඩා වැටීම නිසා නිවසේ පළමු මහලේ කොන්ක්‍රීට් තට්ටුව කැඩී ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.පස් කන්ද කඩා වැටුණු මොහොතේ බේරා ගත් ගෙහිමියා මේ වනවිට රෝහල් ගත කර ඇත.එම පවුලේ දියණිය අමතර පංතියකට සහභාගී වීමට නිවසින් පිටව ගොස් සිටි නිසා අනතුරින් ගැලවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment