වරද ගෑස්වල නොවේ ළිප හා මෙවලම්වලත් විය හැකියි – ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක්

131

ගෑස් ළිප් ගිනි ගැනීම්වලට අදාළ සිද්ධීන් 21 ක් පිළිබඳ තම ආයතනයේ නිලධාරීන් පරීක්‍ෂා කළ මුත් ඒ අයට වන්දි ලබාදීමට මේ වනතුරු කිසිදු සාකච්ඡුාවක් පවත්වා නැතැයි ලිට්‍රෝ සමාගම කියා සිටී.

 කොළඹ ඊයේ (01 දා)  විශේෂ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් එම සමාගමේ නිලධාරීහු මේ බව කියා සිටියහ.

 මෙම සිදුවීම් අද ඊයේක සිට සිදුවූ දෙයක් නොව කාලයක සිට සිදුවන සිද්ධීන් යැයිද නමුත් මේ වන විට සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍යවලින් ලබාදෙන ප‍්‍රසිද්ධිය නිසා සෑම සුළු සිද්ධියක්ම සමාජය වෙත දැකගන්නට ලැබීම නිසා එම තත්ත්වය මතුවී පෙනෙන බවද ලිට්‍රෝ සමාගමේ ප‍්‍රධානීහු කියා සිටියහ.

 ගෑස් සංයුතියේ ප‍්‍රශ්නයක් මත මෙම අනතුරු සිදුවන බව කීව ද එවැනි ගැටලූවක් නොදකින බවත් ගෑස් සිලින්ඩර්වලට සවි කරන රෙගියුලේටර සහ හෝස් වැනි උපකරණවල පවතින අඩුපඩු මත මේවා සිදුවන බව නිරීක්‍ෂණය වී ඇතැයි ද ඔව්හු කියා සිටිති.

 ගෑස් සංයුතියේ නොව රෙගියුලේටර හා හෝස්වල ලීක් නිසා මෙම අනතුරු සිදුවන බවද ලිට්‍රෝ සමාගමේ ස්ථාවරය වී ඇත.

 ගෑස් සිලින්ඩරවල ආරක්‍ෂිත ස්ටීකරය ගලවා සබන් පෙන දමා ඒවා පරීක්‍ෂා කිරීමට නොයන ලෙසත් යම්කිසි සැක සහිත සිලින්ඩරයක් නම් එහි ඇති ආරක්‍ෂිත වැස්ම දමා එය එළිමහනක තබන ලෙස ද ඉල්ලා සිටී.

 ගෑස් සිලින්ඩර සම්බන්ධ යම්කිසි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් 1311 දරන හදිසි අංකය අමතන ලෙස ද එම සමාගම මහජනතාවට දැනුම්දී සිටී. මේ පිළිබද විශේෂ ලිපියක් 11 වැනි පිටුවේ පළවේ

 ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment