වරලත් ගණකාධිකාරී ආයතන බදු හොරුන්ට උදව් කරනවා – ඒවා නියාමනය කරන්න

176

මෙරට බදු ගෙවීම පැහැර හරින අය සඳහා උදව් දෙන ප්‍රධානතම ආයතනයක් ලෙස වරලත් ගණකාධිකාරී ආයතන හැඳින්විය හැකි බවත් එබැවින් ඒවා නියාමනය කළ යුතු බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.

රජයේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ රජය විසින් ගෙන එනු ලැබූ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී එම මන්ත්‍රීවරයා මෙසේද කීය.

අපේ රටේ බදු හංගන අනෙක් අය තමයි වරලත් ගණකාධිකාරී ආයතන. අපේ රටේ තිබෙනවා එම ආයතන 27ක්. ඔක්කොටම කලින් මේ අයව නියාමනය කරන්න ඕනා. මේ අය තමයි ඔක්කොම බදු ටික හදලා හොරට එවන්නේ. අපි ආදායම් බදු දෙපාර්තමේන්තුවට විතරක් බැනලා වැඩක් නෑ. බදු ලිපි ගොනුව එවපුහම ඔක්කොම බැලන්ස් කරලා හදලා එවනවා. දැන් ගිණුමක බිලියන 37ක් තිබුණත් ඒක බිලියන 05යි කියලා ලිපි ගොනුව හදලා එවනවා. ඒ අනුව තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු අය කරන්නේ. ඒ නිසා මේ වරලත් ගණකාධිකාරි ආයතනත් නියාමනය කරන්න. ඒ අය හරියට ගණන් ටික දෙන්නේ නැත්නම් ඒ අයටත් දඬුවම් දෙන වැඩපිළිවෙළක් හදන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment