වර්ජනයක් ගැන දැනුම් දී නෑ අද – හෙට විදුලිය බිඳවැටීමක් නෑ.. ලංවිම සභාපති

122

වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පාලනාධිකරියට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් කර නොමැති හෙයින් අද (03දා* හෝ හෙට (04දා* විදුලිය බිඳ වැටීමකට ඉඩක් නොමැති බව ලංවිම සභාපති එම්. එම්. සී. ප‍්‍රදිනාන්දු මහතා ඊයේ (02දා* පැවසීය.

 තමන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් පිළිබඳව දැන ගත්තේ වෘත්තීය සමිති නායකයන් මාධ්‍යයට දැක්වූ අදහස් වලින් පමණක් බවත් පැවසූ හෙතෙම, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වෘත්තීමය ගැටලූවක් හෝ

 දුක්ගැනවිල්ලක් වෙනුවෙන් සවන්දීමට පාලනාධිකාරිය අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත්, එසේ නොවන දේශපාලන අරමුණක් වෙනුවෙන් ජනජීවිතය අඩපණ වන ලෙස කටයුතු කිරීමට මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අයිතියක් නැති බවත් කීවේය.

 ජන ජීවිතයට බලපෑම් එල්ල කිරීමට තම වෘත්තියේ බලය භාවිත නොකරන ලෙසත් යම් හෙයකින් කිසිවකු හෝ එසේ කරන්නේ නම් සේවා ගිවිසුම කඩ කිරීම, විනය විරෝධී හැසිරීම ඇතුළු චෝදනා ගණනාවකට ඔවුන්ට ලක්වීමට සිදුවනු ඇති බවත් වැටුප් ගෙන රැුකියාව සඳහා නොපැමිණියහොත් සේවය හැර ගියා සේ සැලකීමට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

 ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ප‍්‍රදිනාන්දු මහතා ඊයේ එසේ පැවසුවේ කොළඹ 02, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ පිහිටි ලංවිම ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 සිරිමන්ත රත්නසේකර,

advertistmentadvertistment
advertistmentadvertistment