වර්ජනයට තල්ලූ කරමින් ආණ්ඩුව පෞද්ගලීකරණයට සැරසෙනවා – වෛද්‍ය නවීන්ද සොයිසා  

404

රෝගීන් අපහසුතාවට පත්කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙනයන වැඩ වර්ජනයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රජය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) ප‍්‍රකාශ කළේය.

ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය පිළිබඳව තීරණ ගැනීමේදී ආණ්ඩුවට නිවැරදි ප‍්‍රතිපත්තියක් නොතිබූ නිසා සෞඛය වෘත්තීය සමිති නොගැළපෙන ඉල්ලීම් දිනාගැනීමට

රෝගීන් ‘පළිහක්’ කරගෙන සිටින බවට ද ඒ මහතා චෝදනා කළේය.

රාජ්‍ය සේවයම වැඩ වර්ජන රැල්ලකට තල්ලූ කරමින් සියලූ අංශ පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ආණ්ඩුවේ පවතින බවට සැකයක් ඇතැයි ද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.

වෛද්‍ය නවීන්ද සොයිසා මහතා තවදුරටත් මෙසේ ද කීවේය.

‘‘සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගුරු සටනේදී ඒ අයට සහාය ලබාදුන්නා. දැන් රටේ කි‍්‍රයාත්මක වෙන්නේ වර්ජන චක‍්‍රයක්. මේ වර්ජන පිටුපස්සේ වෛද්‍යවරු සහ අනෙකුත් වෘත්තීයවේදීනුත් රැල්ලක් වගේ ඉදිරියට එයි. මේ වර්ජන රැල්ල ආණ්ඩුව හිතාමතාම නිර්මාණය කළ එකක්. වර්ජනය පිටුපස තිබෙන්නේ පුද්ගලීකරණයට යන වැඩපිළිවෙළ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment