වර්ජනයෙන් කෝටි 400 ක පාඩුවක්

81

වරාය, දුම්රිය, සෞඛ්‍ය, තැපැල්, ලංවිම ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඊයේ (15 වැනිදා) ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය නිසා දළ වශයෙන් රුපියල් කෝටි හාරසියයකට (බිලියන 4) වැඩි පාඩුවක් රටට සිදුවන්නට ඇතැයි මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

සාමාන්‍ය දිනක රටේ සමස්ත ආදායම රුපියල් කෝටි 1000 (බිලියන 10) පමණ වන බවත් වර්ජනය නිසා අහිමි වූ ආදායම පිළිබඳව නිසි ගණනයක් කිරීම දුෂ්කර බවත් ඒ මහතා කීය. නමුත් වැඩ වර්ජනය නිසා රාජ්‍ය ආයතන ගණනාවක දෛනික ඉපැයීම් අඩාලවීම තදබල ආර්ථික හානියක් බවද හෙතෙම පැවසීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment