වර්ජනයේ නිරත වෘත්තීය සමිති රන්දෙණිගල, රන්ටැඹේ වාන්දොරටු ඇරලා – ඇමැති කංචන කියයි

307

වර්ජනයේ නිරත විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක අය රන්දෙණිගල, රන්ටැඹේ ඇතුළු ජලාශ කිහිපයක වාන්දොරටු හැර ජලය අපතේ යවමින් කඩාකප්පල්කාරී, ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වන බැවින් ඒවා ආරක්ෂා කිරීම අවශ්‍ය යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය. මේ වන විට හදිසි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. විදුලි බල සංගම් කිහිපයක වර්ජනයක් ක්‍රියාත්මක වන මොහොතේ මට වාර්තා වුණා කඩාකප්පල්කාරී පිරිසක් විසින් රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඇතුළු බලාගාර කිහිපයක ජලය මුදා හැරීමට වාන් දොරටු ඇරලා කියලා. එයින් විදුලිය උත්පාදනය වෙන්නෙත් නෑ. මේකෙන් වෙන්නේ ජලය සම්පූර්ණයෙන්ම නිකුත් කරලා ඩීසල්වලින් විදුලිය නිපදවන තත්ත්වයට රට පත් කිරීමයි. වෘත්තීය සමිතිවලට රට බිත්තියට හේත්තු කරන්න දෙන්න බෑ. ප්‍රධාන පද්ධතියෙන් මේ දේ කරන්න බලපෑම් එල්ල වී තිබෙනවා. මේ ත්‍රස්තවාදී ක්‍රියාදාමය කරන්න දෙන්න එපා. විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවටත් ඊයේ රාත්‍රියේ සිට නම් කරලා තිබෙනවා. මේ රටේ පැය 12ක් 13ක් විදුලිය කප්පාදු කරන්න වුණේ නොරෝච්චෝලේ බලාගාරයට සිදුවූ දේ නිසායි. ඒකට මනුෂ්‍ය සම්බන්ධයක් තිබෙනවා. ඒ ගැන මම වාර්තාව සභාගත කළා. මේවාට විරුද්ධව ජනතාව පෙළ
ගැහෙන්න ඕනා.

නලින් බණ්ඩාර මහතා- ඇමැතිතුමා කියපු දෙය සත්‍ය නම් අපි එය හෙළා දකිනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය හමුදාව, පොලිසිය, ජනාධිපති, අගමැති සියලු බලතල තිබෙන්නේ මෙතුමන්ලාටයි. මේ ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. ඒකට බලය තිබෙන්නේ ආණ්ඩුවේ අයට.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment