වර්ජනය අස්සේ අංගොඩ රෝහලෙන් 6 ක් පැනලා

237

සෞඛ්‍ය වැඩ වර්ජනය අතරතුර අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හයදෙනකු රෝහලෙන් පැනගොස් ඇත.
පැනගොස් ඇති සියලූ දෙනා පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් පිළිබඳ ඊයේ (10 දා) වනවිටත් කිසිදු තොරතුරක් නොලැබුණු බව රෝහල් වැඩ බලන අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය ‘‘දිවයින’’ ට පැවසූවාය.

අංගොඩ රෝහලේ දහසකට අධික පිරිසක් වාට්ටු හතළිහක නේවාසිකව ප‍්‍රතිකාර ලබති. මේ දිනවල හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් සෞඛ්‍ය සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙන අතර නේවාසික රෝගීන් බලාගැනීම සඳහා ප‍්‍රමාණවත් පිරිසක් නොමැති වීමෙන් මෙම හයදෙනා රෝහලෙන් පැනගොස් ඇත.

මොවුන්ට නිවාසවලට යෑමට හැකියාව නොමැති නිසා ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම පොලිසියට හෝ අංගොඩ රෝහලට දැනුම් දෙන ලෙස රෝහල ඉල්ලා සිටී. පැනගිය රෝගීන් හයදෙනා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් ඒ අය පොලිසියට භාරදීමට පෙර රෝහලෙන් පැන ගිය පිරිස බවට පොලිසිය දැනුවත් කිරීම අතිශය වැදගත් බවත් නැතිනම් ඔවුනගේ අන්‍යනතාව නොදැන පොලිසිය වෙතත් පියවර ගත හැකි බවත් රෝහල් වෛද්‍යවරු කියා සිටිති.

නෝමන් පලිහවඩන – ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment