වර්ජනය අස්සේ පිරිසක් කෝච්චියේ ටි‍්‍රප් ගිහින්

587

මේ අය කොළඹ දෙමටගොඩ, වත්තක පදිංචි තරුණ පිරිසකි. විවිධ වයස් කාණ්ඩවලට අයත් මේ පිරිස වසර අවසානයේ විනෝද ගමනක් යෑමට කතිකා කර ගත්තේ ලොක් ඩවුන් සීමා ඉවත් කර සති කිහිපයකට පසුවය.

 මචං අපි නුවරඑළියේ යමු. එකෙකු යෝජනා කළේය. තවකෙක් තව තවත් යෝජනා කළේය.

 මේ අතර ඉකුත් 23 වැනිදා දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් භාර නොගැනීමේ වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයක් ප‍්‍රකාශ කළේය. 24 වැනිදා දුම්රිය ප‍්‍රවේශපත් නිකුත් කිරීම නතර කළේය.

 දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල සිටි තරුණ කැලට මරු ආරංචියක් ලැබිණි.

 ‘‘ටිකට් නැතුව කෝච්චියේ යන්න පුළුවන්’ විනෝද ගමනට මරු දවස. තරුණයින් පහළොස් දෙනා ගමන් බෑග්වලට අඩුම කුඩුම දමා දෙමටගොඩින් දියතලාව බලා ගියේ දුම්රියෙනි. අතමිටේ මුදල්වලින් ඇති තරම් විනෝද වූ පිරිස දිනපතාම තානායම්වලට වැදී මත්පැන් බෝතල් හිස් කළේ අතදිග හරිමිනි. ගමන් බිමන් නොමිලේය. තරුණ පිරිස දුම්රියේ නැගී එහාටත් මෙහාටත් ගියේ නොමිලේය.

 දින හතරක් තිස්සේ දුම්රියේ නොමිලේ එහෙ මෙහෙ ගිය පිරිස මහ අමාරුවක වැටුණේ හදිසියේම වර්ජනය අවසන් කළ පසුවය.

 තාත්තෙ අපිට ආපහු එන්න සල්ලි නෑ. එකවුන්ට් එකට රුපියල් 5000 ක් දාන්නකෝ. තරුණයින් අතර සිටි අතමිට ඇති පවුලක දරුවෙකු පියාට ඇමතුමක් දුන්නේ බණ්ඩාරවෙල සිටය. නොමිලේම ටි‍්‍රප් එකක් ගිය පිරිස වැටුණේ නොසිතූ අමාරුවකය.

 – පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment