වර්ජනය උසාවියෙන් අත්හිටුවයි: සමන් රත්නපි‍්‍රය ඇතුළු පිරිස 24 දා උසාවි කැඳවයි

310

කොවිඞ් වසංගතය පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩවර්ජන කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලූත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රතන්පි‍්‍රය මහතාට එරෙහිව ඊයේ (10 දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව 24 දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත. එදිනට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසද වගඋත්තරකරුවන්ට දිසා විනිසුරුවරයා නියෝග කළේය.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙද, අතුරු වෛi සහ පරිපූරක සේවාවන්වලට අයත් වෘත්තීය සමිති 18 ක් ඉකුත් 7 වැනිදා උදෑසන සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව දින හතරක් පුරා දිවයිනේ සියලූම රෝහල්වල කටයුතු අඩපණ වූ අතර දස දහස් ගණන් රෝගීහු ඉන් පීඩාවට පත්ව සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment