වර්ජනය – දොස්තරලා අද පළාත් 5ක

119

ජල, විදුලි ගාස්තු ඉහළ නැංවීම, අසාධාරණ නව බදු ප්‍රතිපත්තිය, බැංකු පොලී ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයකට රජයට විරෝධය පළ කරමින් අද (14 දා) එක් දින වැඩවර්ජනයක නිරත වීමටත්, විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (15 සිට) දිවයින පුරා රෝහල්වලදී අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදීමටත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇත.

ඊයේ (13 දා) රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය විසින් බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාතේ පිහිටි සියලු රෝහල්වල පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබූ අතර ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි රෝගී ජනතාව අපහසුතාවට ලක්වූහ.

මේ අතර අසාධාරණ බදු පැනවීම, විදුලි, ජල බිල් ඉහළ දැමීම, බැංකු පොලී ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළකරමින් හෙට (15 දා) දිවයින පුරා රෝහල්වලදී වැඩ වර්ජනයක නිරත වීමට සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමය ද තීරණය කර තිබේ.

සිය ඉල්ලීම්වලට සාධාරණ, පිළිගත හැකි විසඳුම් ලබා දීමට රජය පියවර නොගන්නේ නම් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වීමට ද තීරණය කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛi ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ ට ඊයේ සඳහන් කළේය.

රජය විසින් වෘත්තිකයන් මත දමා ඇති අසාධාරණ නව බදු, ජල හා විදුලි ගාස්තු, බැංකු පොලී ඉහළ දැමීම, අතිකාල, අමතර රාජකාරි දීමනා 15% කින් කපා දැමීම, ඖෂධ ‘උපකරණ හා කාර්ය මණ්ඩල හිඟයට පිළියම් නොයෙදීම, විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සහ අධික ජීවින වියදමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට තීරණය කළ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද පෙරවරු 8.00 සිට පැය 24 ක් දිවයිනේ පළාත් පහක වැඩ වර්ජනයක නිරත වීමටත්, එය හෙට (15 දා) සිට දිවයින පුරා වැඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් විශේෂඥ වෛiවරුන්ගේ සංගමය ද තීරණය කර ඇත.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට උතුර, වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව පළාත්වල දී පැය 24 ක වැඩ වර්ජනයක නිරත වීමටත්, රජයෙන් සාධාරණ විසඳුම් නොලැබුණොත් හෙට සිට දිවයින පුරා වර්ජනය ක්‍රියාත්මක කිරීමටත් එම සංගමය තීරණය කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන කාල සීමාවේ බරපතළ රෝගීන්, හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර හැර සියලු සායනික කටයුතුවලින් ඉවත් වීමට ද එම සංගමය තීරණය කර ඇත.

එමෙන්ම හදිසි අවස්ථාවකදී හැර පුද්ගලික වෛi සේවයේ නොයෙදීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කිසිදු පරිපාලන කටයුත්තකට සම්බන්ධ නොවීමටත්, උපාධි හා පශ්චාත් උපාධි වෛi අධ්‍යාපනයට අදාළ කිසිදු ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධ නොවීමටත්, සිය සංගමය තීරණය කර ඇතැයි විශේෂඥ වෛiවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛi ලක්කුමාර් ප්‍රනාන්දු සහ එහි ලේකම් විශේෂඥ වෛi ආර්. ගුණසේකරම් යන මහත්වරු පවසති.

මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල සියලු රෝහල්වල උදෑසන 8.00 සිට එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් හෙට සිට රට පුරා සියලු රෝහල් ආවරනය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛi චමිල් විජේසිංහ මහතා පැවසීය.

මෙම කාල සීමාවේ හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගෙන යන අතර ළමා, මාතෘ, පිළිකා, වකුගඩු රෝග ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විiායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ දිවයිනේ ප්‍රදේශ රැසක පැවති වෛi වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩපණ වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment