වර්ජන නවතා රට ගැන හිතන්න – ජනපති

186

විවිධ බලවේගවලට යට නොවී ජනතා සේවය සඳහා එක්වන ලෙස වැඩ වර්ජනවල නිරත වෘත්තිකයන්ගෙන් තමා මේ මොහොතේ ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09 දා) අනුරාධපුරය සල්ගාදු කී‍්‍රඩාංගණයෙන් ආරම්භ වූ රටේ සංවර්ධනය පිළිබඳව ජනතාව දැනුවත් කරන පොදුජන රැුලි මාලාවේ පළමු රැුලියට එක්වෙමින් කියා සිටියේය.

අගමැති මහින්ද රාජපකෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මැති ඇමැතිවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැුලියට එක්ව සිටියහ.

වර්ජන නවතා රට ගැන හිතන්න - ජනපති

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

අපි බලයට පත් වනවිට ලබාදුන් පොරොන්දු අනුව ජනතාවට නොමිලේ පොහොර ලබා දුන්නා. වී වලට සහතික මිලක් ඇති කළා. ඒ අනුව ගොවි ජනතාවගේ ජීවන තත්ත්ව්ය නඟාසිටුවන්න පියවර ගෙන තිබෙනවා.

පසුගිය යහපාලන රජය කාලයේ රටේ නැති වී ගිය ජාතික ආරක්ෂාව යළි සහතික කරන්න පියවර ගෙන තිබෙනවා.

අප ජනතාව ඉදිරියට යන්නේ වැඩ කරපු ආණ්ඩුවක් විදිහටයි. අපේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සකස් කර ඇත්තේ අනාගත පරපුර ගැන සලකා බලා. අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිබල ආදී සියලූ ප‍්‍රතිපත්ති සකස් කර ඇත්තේ ඉදිරි තරුණ පරපුර වෙනුවෙනි. අප ආරම්භ කළ හරිත කෘෂිකර්මාන්තය කඩා වැටෙන්න දෙන්නේ නැහැ. නැවත මේ මහපොළව සශී‍්‍රක කරන්න පියවර ගන්නවා.

විජාතික බලවේග විසින් අප හමුවේ ඉදිරිපත් කරන අභියෝගවලට මුහුණදිය යුතුයි. කොවිඞ් වංසගතයට අප සාර්ථකව මුහුණ දුන්නා. නැවත රට වහන්න බැහැ. සංචාරක කර්මාන්තය යළි දියුණු කළ යුතුයි.

විවිධ වෘත්තිකයින් සමග එක්වී අපට අභියෝග කරන දේශපාලන පක්ෂවලින් අප අහන්නේ ඒ අය රට පාලනය කරන විට කළේ මොනවාදැයි කියාය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment