වර්ජන මැද රෝහල් සේවා අඩාළයි : රෝගීහු අසරණ වෙති

99

* අනුරාධපුර ෆාමසිවලින් බෙහෙත්  ගන්න පහසුකම්

* පොළොන්නරුව රෝගීහු හිස්අතින්ම  ආපසු හැරෙති

* දික්ඔය බාහිර රෝගී ඒකකයට පැමිණි රෝගීහු පීඩාවට


සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මඟින් ඊයේ (07 දා) පෙරවරු හතේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්විය.

ප‍්‍රධාන ඉල්ලීම් හතක් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩ වර්ජනයට එළැඹ තිබේ. හෙද, පරිපූරක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් කණ්ඩායම් වැඩ වර්ජනයට එක්ව තිබේ.

මේ අතර ලේ පරීක්ෂා කරගැනීම සඳහා පැමිණි රෝගීන්ද දැඩි දුෂ්කරතාවට පත් වූ අතර නැවත ඔවුන් පිටව ගියේ මේ පිළිබඳව දැඩි කනගාටුව සහ විවේචන එල්ල කරමින්ය.

දික්ඔය

දික්ඔය මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබා

ගැනීමට පැමිණි රෝගීන් රැුසක් පීඩාවට පත්විය.

ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා ඊට අවශ්‍ය බෙහෙත් වට්ටොරුව සහිත තුණ්ඩුව ලබාදී වැඩ වර්ජනය අවසන් වීමෙන් පසු රෝහලට පැමිණ අදාළ ඖෂධ රෝහලෙන් ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් පැවසූ බව රෝගීන් කියා සිටී.

අනුරාධපුර

වෛද්‍යවරුන් විසින් රෝග නිශ්චය කොට අවශ්‍ය ඹෟෂධ ෆාමසිවලින් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබුණි. වෛද්‍ය පරීක්ෂණ නොකිරීම හේතුවෙන් ඒ සඳහා පැමිණි රෝගීන්ට හිස් අතින් ආපසු යෑමට සිදු විය. මෙම වෛද්‍ය පරීක්ෂණ ද පුද්ගලික

පර්යේෂණාගාර වලින් සිදුකර ගැනීමට අවශ්‍ය පහසුකම් රෝහල විසින් සපයා තිබුණි. හදිසි ප‍්‍රතිකාර සිදු කරන බව පැවසුවද අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඞ් රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පවා සිදු නොකෙරුණ බව රෝහල් ප‍්‍රකාශකයකු පැවසීය.

රොෂාන් තුෂාර තෙන්නකෝන්, නුවරඑළිය – නාලක රත්නායක, නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment