වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු ඩෙස්මන්ඞ් ටුටූ අගරදගුරු ස්වර්ගස්ථ වේ

196

දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීමට උර දුන් නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූ ඊයේ :26දාෆ ස්වර්ගස්ථ වියග මිය යන විට 90 හැවිරිදි වියෙහි පසුවූ අගරදගුරු ටුටු පියනම 1948 වසරේ සිට 1991 වසර දක්වා දකුණු අප‍්‍රිකාවේ පැවති සුළුතර සුදු ජාතික ආණ්ඩුව විසින් බහුතර කළු ජාතිකයන්ට එරෙහිව අනුගමනය කළ වර්ණභේදවාදී ප‍්‍රතිපත්තියට එරෙහිව හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා සමග එක්ව දැඩි අරගලයක නිරත වූ අයෙකි.

 කේප්ටවුන් නගරයේදී මියගොස් ඇති ටුටු පියනම 1997 වසරේදී ප්‍රොස්ටේට් පිළිකාවකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු පිළිකාව නිසා හටගත් ආබාධයන්ට ප‍්‍රතිකාර ලැබීම සඳහා කිහිපවරක්ම රෝහල්ගත කර තිබිණිග දකුණු අප‍්‍රිකාවේ පැවති වර්ණභේදවාදී ප‍්‍රතිපත්තිය අහෝසි කිරීම වෙනුවෙන් අභීත හඬක්  නගමින් කළු ජාතිකයන්ගේ මූලික අයිතිවාසිකම් දිනා  ගැනීම සඳහා පැවති සුළු ජාතික ආණ්ඩුවට එරෙහිව සටන් වැදීම හේතුවෙන් දෙස් විදෙස්හි ජනාදරයට පත්ව සිටි ටුටු අගරදගුරු වෙත නොබෙල් සාම ත්‍යාග කමිටුව විසින් 1984 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබීයග ටුටු අගරදගුරුගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති දකුණු අප‍්‍රිකානු ජනාධිපති සිරිල් රාමපෝෂා – ඔහුගේ මරණය දකුණු අප‍්‍රිකාවේ යුගයක සිටි විශිෂ්ටතම දකුණු අප‍්‍රිකානුවෙකුගේ නික්ම යෑම සනිටුහන් කරන අතර ඔහුට ජාතියේ ප‍්‍රණාමය හිමි වන බව සඳහන් කර ඇතග මිය ගිය අගරදගුරු වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු ක‍්‍රියාකාරිකයෙකුල අධ්‍යාත්මික නායකයෙකු මෙන්ම ගෝලීය වශයෙන් මානව හිමිකම් වෙනුවෙන් සටන් වැදුණු අයෙකු බවද ජනාධිපති වරයා සඳහන් කර තිබේ.

 මියගිය ටුටූු අගරදගුරු 1931 වසරේදී දකුණු අප‍්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේදී උපත ලබා ඇති අතර පියනමක් වීමට පෙර ගුරුවරයෙකු වශයෙන් සේවය කර තිබේග ඔහු නොමැලිසෝ ලියා නමැත්තියක හා විවාහ වී සිටි අතර එම විවාහයෙන් දරුවන් සිවුදෙනකු සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment