වරායෙන් පැන්නූ කුණු මාළු වෙළෙදපොළේ!

308

කොළඹ වරායේ තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මාළු කන්ටේනර් 98ක් වරායෙන් පිටතට රැගෙන ගොස් කොටස් වශයෙන් අලෙවි කරන බවට වාර්තා වේ.

විදේශීය නැවකට අයත් මෙම මත්ස්‍ය තොගය එම නැවේ කාර්මික දෝෂයක් නිසා ශීතකරණ ක්‍රියාවිරහිත වීමෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වී තිබණි. අනතුරුව මෙම මාළු තොගය කොළඹ වරායේ රේගු භාරයේ තිබියදී ඉන් පිටතට රැගෙන ගොස් තිබුණි. ඒවා රැගෙන ගොස් අලෙවි කරන බවට පසුගියදා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වීමෙන් පසු කඩිනම් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.

ඇමැතිවරයා එසේ උපදෙස් දුන්නත් මේ පිටුපස කිසියම් ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වීම නිසා පරීක්‍ෂණ මන්දගාමීව සිදුවන බව ධීවර අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment