වරායේ තුන්කොන් සටනින් ජාතික ආරක්‌ෂාව අනතුරේ

408

කොළඹ වරාය ඇමෙරිකාව, ඉන්දියාව, චීනය වැනි බලකඳවුරු තුනකට ලබාදීමෙන් රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල විය හැකි යැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ප‍්‍රකාශ කර සිටී.

රටේ සංවර්ධනය වෙනුවෙන් දේශීය හෝ විදේශීය ආයෝජන කැඳවීම පිළිගන්නා නමුත් ජාතික ආරක්‍ෂාව

ගැන ගැඹුරින් කියවා බැලීමේදී බලකඳවුරු තුනක පිරිස් එකම භූමියක හමුවීමට සැලැස්වීම අප වැනි කුඩා රාජ්‍යයක ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවත් එය සුළුවෙන් තක්සේරු කළ නොහැකි බවත් ඔහු සිය ලිපිය මගින් ප‍්‍රකාශ කර ඇත.

ජාතික ආරක්‍ෂාව පිළිබඳව මහත් උනන්දුවෙන් රජය ජනතාවට සහතික ලබා දුන්නද ජාතික ආරක්‍ෂාව දෙස

ගැඹුරින් කියවීමේදී ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ඉන්දියාව හා ඇමෙරිකාව, චීනය කඳවුරු තුනක සිටියත් මේ වනවිට ඉන්දියාව සහ ඇමෙරිකාව එක කඳවුරක් නියෝජනය කරන බවද ඔහු සඳහන් කර සිටී.

එවන් පසුබිමක දකුණු කොළඹ වරායේ දකුණු කොටස චීනයේ ක්‍ෂක්‍ඔ සමාගමටත් බටහිර කොටස ඉන්දියාවටත් විකුණා දැමීමට කටයුතු කර ඇමෙරිකාවට කොළඹ වරාය ආශ‍්‍රිතව එල්. එන්. ජී. ව්‍යාපෘතියකට ඉඩ ලබාදීම තුළ ජාතික ආරක්‍ෂාවට එල්ල වන බලපෑම අමුතුවෙන් ප‍්‍රකාශ කළ යුතු නැතැයි ද ඔහු කියා සිටී.

වසර පහකට පත්වන රජයන් විටින් විට ජාතික සම්පත් විකුණා දමා ආරම්භ කර තිබෙන ගමන වසර 42ක වරාය අධිකාරී ඉතිහාසය පිළිබඳවද පසු විපරම් කර බලීමේ වරායට ඉතිරිව තිබෙන අක්කර 13 ක භූමිය විකුණා දැමීමට ද සැලසුම් කර ඇති බව දැනගන්නට තිබෙන බවද ඔහු ප‍්‍රකාශ කර ඇත.

කොළඹ වරාය තුළ තවදුරටත් ඉතිරිව පවතින සම්පත් හා සේවා පිළිබඳවත් ත‍්‍රිකුණාමලය, ගාල්ල, ඇතුළු වරාය අධිකාරියට අයත් අනෙකුත් වරායවල්වල ආරක්‍ෂාව ද ගිලිහී යෑමට ඉඩ නොදී උපනූපන් පරම්පරාවට ආරක්‍ෂාකර දෙන ලෙස සිය ලිපිය මගින් ඒ මහතා ඉල්ලා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment