වරායේ දොඹකරය යකඩවලට විකුණයි

399

කොළඹ වරායේ ඇති කිලෝ ග්‍රෑම් පන්ලක්ෂ අනූ දහසක් බර දැවැන්ත දොඹකරයක් ටෙන්ඩර් කැඳවා පැරණි යකඩවලට විකිණීම අද (12 වැනිදා) සිදු කෙරේ.

මේ සඳහා විවිධ පුද්ගලයන් රැසක් දැනටමත් මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර අදාළ ටෙන්ඩර් විවෘත කිරීම සිදු කෙරෙනුයේ කොළඹ වරායේ සේවා හා සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ කාමරය තුළ දී බව ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කෙරූ අය සඳහන් කරති.

එසේ සිදු කෙරෙනුයේ විනිවිදභාවයෙන් යුතුව ටෙන්ඩර් විවෘත කිරීමට කොළඹ වරායේ සේවා හා සැපයුම් අංශයට හොඳින්ම අවස්ථාව තිබියදී බව ද ඔවුහු කියති.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එය විශාල සැකයකට හේතු වී තිබෙන බවය.

මීට පෙර ද ඒ අන්දමින් ක්‍රියාත්මක වූ වරාය ටෙන්ඩර්වලදී විනිවිදභාවයෙන් තොරව විවිධ අක්‍රමිකතා සිදු වූ බව ඔවුහු සඳහන් කරති.

එහෙයින් මෙම දොඹකරය සඳහා වූ ටෙන්ඩර් විවෘත කිරීමේ අවස්ථාව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ බලධාරීන්ගේ අධීක්ෂණයට ලක් වන්නේ නම් එය ඉතා වැදගත් වන බවද ඒ සඳහා ලංසු තැබූවෝ කියා සිටිති.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment