වරායේ සියයට 70 ක් අපට අහිමි වෙලා… ගිවිසුම අත්සන් කළේ ඊයේ උදේ 11.12 ට

488

රටට හිමිව තිබූ බටහිර පර්යන්තය ද ඊයේ (30 දා) පෙරවරු 11.12 ට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමත් සමග සමස්ත වරායෙන්ම වරාය අධිකාරියට අයත් වන්නේ සියයට 30 ක බහලූම් ධාරිතාවක් යැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

මෙම ගිවිසුම්ගතවීමත් සමග බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34 ක් ජෝන් කීල්ස් සමාගමටත්, සියයට 15 ක් වරාය අධිකාරියටත් හිමිවන බව ද ඔහු කීය.

වරායේ සියයට 70 ක් අපට අහිමි වෙලා... ගිවිසුම අත්සන් කළේ ඊයේ උදේ 11.12 ට
නිරෝෂන් ගොරකානගේ

වරාය අධිකාරිය සතුව තිබූ ගැඹුරින් වැඩිම (මීටර් 20) හා දිගම (මීටර් 1400) පර්යන්තය මෙය බවත් මෙම පර්යන්තය ඉන්දියාවට ලබාදීමත් සමග මෙතෙක් ඉන්දියාව විසින් ප‍්‍රතිඅපනයන බහලූම් හැසිරවීම ඔවුන් යටතේම සිදු කිරීමට අවස්ථාව හිමිකරගත් බව ද ඒ මහතා කියා සිටියේය.

1999 වන තෙක් ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය යටතේ සියයට සියයක්ව පැවැති පර්යන්ත දෙකක් චීනයට සහ ජෝන් කීල්ස් සිංගප්පූරු ඒකාබද්ධව බහලූම් කටයුතු සිදුකිරීමට ලබාදී ඇති බවත් ගොරකානගේ මහතා පැවසීය. මේ වනවිට වරාය අධිකාරියට ඉතිරිව පවතින නැෙ`ගනහිර පර්යන්තය ද වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරනවාද යන්න සැකයක් පවතින බවත් ඒ මහතා කීය.

ඉන්දියාව තුළ බටහිර පර්යන්තය තරම් ගැඹුරු පර්යන්තයක් මෙන්ම පැය 24 ම මෙහෙයුම් සිදු කරන වරායක් නොමැති බව ද ඒ මහතා කීය. එම නිසා ඔවුන් ප‍්‍රතිඅපනයන බහලූම් මෙරට වරාය අධිකාරිය උපයෝගි කරගෙන සිදුකළ බවත් ගිවිසුම්ගතවීමත් සමග ප‍්‍රතිඅපනයන කාර්යයන් ඔවුන්ටම තනිවම සිදු කරගත හැකි බවත් ඒ මහතා කීය.

මෙම පර්යන්තය ඉන්දියාවට ලබාදීමට පෙර නැව් සමාගම්වලට ඉන්දියාවට ගොස් සිය කි‍්‍රයාවලිය සිදුකර ගැනීම සඳහා අමතර දින තුන හතරක් ගතවූ බවත් එම දින ගණන ද අඩු කර ගෙන බටහිර පර්යන්තයට පැමිණ බහලූම් කි‍්‍රයාවලිය සිදුකර ගැනීමට බටහිර පර්යන්තය ලබාදීම හරහා වාසි සහගත තත්ත්වයක් උදා වී තිබෙන බව ද නිරෝෂන් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment