වරායේ හිරවුණු කෝටි 2ක ඇපල් සතුන්වත්තට

210

හිමිකරුවන් විසින් ඉවත් කරනොගත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඇපල් කිලෝ විසිහතර දහසක් දෙහිවල සත්වෝද්‍යානයට භාරදීමට වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (10දා) කටයුතු කර ඇත.

කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයට චීනයෙන් පැමිණ තිබූ ඇපල් කන්ටේනරයක් රැගෙන ගොස් නොතිබූ අතර එය ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් සත්ත්වෝiානයට ලබාදී තිබේ. මෙහි ඇපල් ගෙඩි ලක්‍ෂයක් පමණ තිබී ඇත.

මේ ආකාරයෙන් වරායට ගෙන්වා ඇති ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය විනාශ වීමට ඉඩ නොතබා කිසියම් ඵලදායී කාර්යයකට යොදාගත යුතු බවද මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. සත්ත්වෝiානයට භාරදුන් ඇපල්

තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බව වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා මෙහිදී කියා ඇත. මෙම ඇපල් තොගය ප්‍රවාහනය කරදීමට බහලුම් පර්යන්ත සමාගම සහ වරාය අධිකාරිය එකඟ වී තිබේ. මේවා භාරදීමේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ වෛi ආර්. සී. රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනෙක් සහභාගි වූහ. ඇපල් ගෙන්වූ ව්‍යාපාරිකයාට බදු බරක් දරා ඒවා මුදාගෙන වෙළෙඳ පොළේ අලෙවි කර ලාභයක් ලබාගත නොහැකි බව වරායට ප්‍රකාශ කර ඇපල් තොගය සත්වෝද්‍යානයට ලබාදීමට එකඟතාව පළකර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment