වරාය නගරයේ PRE-SHOOT විශේෂ ඡායාරූප ගැනීමට ගාස්තුවක්

471

කොළඹ වරාය නගරයේදී සිදුකරන විවාහ මංගල ඡුායාරූප ගැනීම් ඇතුළු විශේෂ ඡායාරූප හෝ වීඩියෝගත කිරීමේ අවස්ථා (pre shoot / casual shoot) සඳහා ගාස්තු අය කෙරෙන බව වාර්තා වේ.

ඒ සඳහා ගතවන කාලය සහ සහභාගි වන පිරිස අනුව ගාස්තු අය කෙරෙන අතර රු. 30,000 සිට ඉහළට මේ ගාස්තු අය කෙරේ. මේවා සංවිධානාත්මකව සිදු කෙරෙන ඡායාරූප ශිල්පීන් හෝ වීඩියෝ ශිල්පීන් යොදවා සිදු කරන අවස්ථා බව ද වාර්තා වේ.
එහෙත් කොළඹ වරාය නගරය බැලීම සඳහා පැමිණෙන මහජනතාව තමන්ට සිහිවටනයක් ලෙස ගන්නා ඡායාරූප හෝ වීඩියෝගත කිරීම් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බවද මේ සම්බන්ධයෙන් කොළඹ චෙක් පෝට් සිටි කලම්බු සමාගමෙන් කළ විමසුමකදී දැනගන්නට ලැබිණි. ඒ නිසා මේ ගාස්තු අයකිරීම කිසිසේත්ම කොළඹ වරාය නගරය බැලීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට බලනොපාන බවද තවදුරටත් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට දැනගන්නට ලැබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment