වරාය නිලධාරීයාගේ රට සවාරි ගැන පරීක්ෂණ

844

කොළඹ වරායේ සේවා හා සැපයුම් (ලොජිස්ටික්) අංශයේ ඉහළ නිලධාරියකු ඉකුත් 2015 වසරේ සිට ගෙවී ගිය හත් වසරක කාලයේ දී විස්සකට ආසන්න පෞද්ගලික විදේශ සංචාරවල යෙදීම සම්බන්ධයෙන් වරාය පාලනාධිකාරිය විමර්ශනයක් අරඹා තිබේ.අදාළ නිලධාරියා මේ අන්දමට මාස හයක පමණ දින ගණනක් පෞද්ගලික විදේශ සංචාරවල යෙදීම සම්බන්ධයෙන් වරාය සේවකයන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අදාළ පැමිණිල්ල වරාය සහ නාවික අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කිරීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරයා වරාය සභාපතිවරයාට කළ දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය අරඹා ඇතැයි වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම විදේශ සංචාරවලදී අදාළ උසස් නිලධාරියා තායිලන්තයට අට වතාවක් ගොස් ඇති අතර පිලිපීනයට පස් වතාවක් ගමන් කර ඇත. ඊට අමරව වියට්නාමය,සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ ප්‍රංශය ආදී රටවල ද ඔහු සංචාරය කර ඇතැයි වරාය මානව සම්පත් අංශය මගින් සිදු කළ පරීක්‍ෂණයක දී අනාවරණය වී තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment