වරාය සභාපති ඉවත් කිරීම ගැන සේවකයන් අතර කුකුසක්….

1031

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාව සිටි විශ‍්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා එම තනතුරින් ඉවත්කර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට මෑතකදී වරාය අධිකාරියේ ප‍්‍රධාන වෛද්‍යවරිය අනිවාර්ය නිවාඩු යැවීමේ සිදුවීම හේතුවක් වූයේ දැයි වරාය සේවකයන් අතර දැඩි කතාබහක් ඇතිව තිබේ.

වරාය සේවකයන්ට කොවිඞ් එන්නත ලබා දීමේ දී ප‍්‍රධාන වෛද්‍යවරිය සේවකයන්ට අමතරව බාහිර පාර්ශ්වයන්ට එන්නත්කරණය සිදුකර ඇති බවත් ඇතැම් විට එන්නත් වෑල්වල ඉතිරිව තිබූ මාත‍්‍රා එකතු කර එන්නත් කර ඇති බවත් හිටපු සභාපතිවරයාට පැමිණිලි ලැබී තිබුණු බව වාර්තාවෙයි.

එසේම ඇය තෝරාගත් තම හිතවතුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොවිඞ් එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා ඇති බව වරාය වෘත්තීය සමිති විසින් සභාපතිවරයා වෙත පැමිණිලි කර තිබිණි. එමෙන්ම වරාය චක‍්‍රලේඛ උල්ලංඝනය කරමින් තමන්ගේ හිතවත් සේවකයන්ට අතිකාල සේවා ලබාදී ඇති බවත් වරාය වෘත්තීය සමිති විසින් හිටපු සභාපතිවරයාට කරුණු සහිතව පෙන්වා තිබිණි.

මේ සම්බන්ධයෙන් වරාය විශේෂ ඒකකය විසින් පැවැත් වූ පරීක්ෂණයකදී ප‍්‍රධාන වෛද්‍යවරියට එරෙහිව නැෙ`ගන චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ඇති බව තීරණය වී ඇතැයි වරාය සේවකයෝ පවසති.

ඒ අනුව සේවක විරෝධය මැ`ඩපැවැත්වීම සඳහා සති දෙකක් තුළ විධිමත් පරීක්ෂණයක් කිරීමට සභාපතිවරයා නියම කර එතෙක් ප‍්‍රධාන වෛද්‍යවරිය අනිවාර්ය නිවාඩු යවනු ලැබුණි. එහෙත් එම පරීක්ෂණ නතර කරන්නැයි දැඩි බලපෑමක් විවිධ පාර්ශ්ව මගින් සභාපතිවරයාට එල්ල වූ බව වාර්තා වෙයි.

මෙවැනි පසුබිමක් තිබියදී හදිසියේම වරාය සභාපතිවරයා එම තනතුරින් ඉවත්කර කර්මාන්ත අමාත්‍යාංශයට යවනු ලැබුවේ මෙම වෛද්‍යවරිය සම්බන්ධ පරීක්ෂණ හේතුවෙන් දැයි වරාය සේවකයෝ සැක කරති. අනිවාර්ය නිවාඩු යැවූ වෛද්‍යවරිය ප‍්‍රධාන දේශපාලන පවුලකට ඥාති සම්බන්ධයක් ඇති අයකු වීම මෙම සැකයට හේතු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment