වලංගු අවසරපත් නොමැතිව ගම්පහට පැමිණි වාහන රැසක් අත්අඩංගුවට

165

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ වලංගු අවසරපත් නොමැතිව, ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන පරීක්ෂාවට ලක් කිරීමට ගම්පහ පොලිසිය පියවර ගෙන ඇත.

ගම්පහ(ජෙ.පො.අ.* කේ.කේ. ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් මත සිදුකළ එම පරීක්ෂාවේදී බලපත‍්‍ර නීති උල්ලංඝනය කර පැමිණි වාහන රැසක් ආපසු හරවා යැවීමටත්, බලපත‍්‍ර නොමැතිව පැමිණි වාහන සඳහා අධිකරණය හමුවේ නඩු පැවරීමටත් පියවර ගෙන ඇති අතර, ගම්පහ සහකාර පොලිස් අධිකාරී 1 තුසිත කුමාර, සහකාර පොලිස් අධිකාරී 2 අතුකෝරල, ගම්පහ මූලස්ථාන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ, මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර ඇතුලූ නිලධාරිහූ රැුසක් මෙම පරීක්ෂාවට සහභාගි වූහ.

ගම්පහ සමූහ – සුසිල් රණමුක සහ යක්කල රුවන් සමන්ත අධිකාරී

advertistmentadvertistment
advertistmentadvertistment