වලයාන්කට්ටි කුලම් වැවේ හක්කපටස් කා මියගිය වනඅලි සිරුරක්

131

මන්නාරම මඩු මන්ඩිමුරුප්පු වලයාන්කට්ටි කුලම් වැවේ තිබී හක්කපටස් කා මියගිය වන අලියෙකුගේ සිරුරක් වන ජීවි නිලධාරීන් විසින් ඊයේ 05 සොයාගෙන තිබේ.

මෙම වන අලියා උස අඩි 06 ක් පමණ වයස අවුරුදු අටක් පමණ වන පිරිමි සතෙකු වන බව වනජීවි නිලධාරීන් පවසයි. ඒ අනුව අදාල වන අලියාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය උතුරු පළාත් වනජීවි පශූ වෛද්‍ය බී. ගිරිධරන් මහතා විසින් සිදු කොට තිබේ.

එහිදී මෙම වන අලියා හක්කපටස් ආහාරයට  ගැනීමෙන් මුඛයට සිදුවූ තුවාල හේතුවෙන් මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව වනජීවි නිලධාරීන් විසින් මෙම හක්කපටස් තැබූ පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment